Posts

Showing posts from September, 2023

Student කෙනෙක්ට මැලේසියාවේ Living Cost එක කොපමණද ?

පෙර  ලිපියේදී අප, ශිෂ්‍ය ඔබ සදහා  මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන වියදම සාකච්ඡා කලා ඔබට මතක ඇති. එම ලිපිය ඔබ තවමත් කියවූයේ නැතිනම්, අප යෝජනා කරන්නේ මේ ලිපියට  පෙර එම ලිපිය කියවන ලෙසයි.   මෙම ලිපිය තුලදී අප කතා කිරීමට අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ඔබට මැලේසියාවේ ජීවත් සදහා වැයවන වියදම්, එනම් Living Cost එක පිලිබදව සාකච්ඡා කිරීමටයි. ඔබ කෙදිනක හෝ උසස් අධ්‍යාපනයට මැලේසියාවට යාමට අපේක්ෂා කරන්නේ නම් මේ ලිපිය ඔබට අතිශයින්ම වැදගත් එකක් වනවා නොඅනුමානයි. එම නිසා මේ ලිපිය අවසානය තෙක් කියවන්න කියලා අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.  මේ ලිපියේ ඇති වියදම් දක්වා ඇත්තේ මැලේසියන් රින්ගිට් වලින් වන අතර මෙම ලිපිය ලියන 2023 සැප්තැම්බර් මාසය වන විට මැලෙසියානු රිගිට් එකක අගය දැක්වුනේ රුපියල් 70ක් ආසන්න අගයකය. කෙසේවූවත් ඔබ මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු දේ නම් එකී අගය ඔබ මෙම ලිපිය බලන කාලය අනුව වෙනස් විය හැකි බවයි.  එම නිසා මේ ලිපියේ අප දක්වන අගයන් ඔබ ලිපිය කියවන දිනයට අදාලව සලකා බලන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේම අප මෙහි දක්වන වියදම් 2023 වසරට අදාල වන අතර ඔබ මේ ලිපිය බලන කාලය අනුව ඒවාද වෙනස් විය හැකි බව ඔබ තරයේ මතකයේ

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

පෙර ලිපි වල අප සදහන් කළ පරිදි මැලේසියාව කියන්නේ උසස් අධ්‍යාපනයට විදේශ ගත වෙන්න තියෙන ඉතාම කදිම රටක්. අනෙක් රටවලට සාපේක්ෂව මැලේසියාවේ ඇති විශේෂත්වය විදියට අපිට, ' අඩු අධ්‍යාපනික වියදමකින් ඉතාම ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබා ගත හැකිවීම ' යන කරුණ දක්වන්න පුලුවන්.  ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරනු ලබන්නේ උසස් අධ්‍යාපනයට මැලේසියාව තෝරගන්න බලන් ඉන්න ඔයාට ඒ සදහා කොපමණ මුදලක් වැය වෙනවාද යන්නයි. ඒ නිසා අවසානය තෙක් අප ඔබට පවසන කරුණු ඉතාම වැදගත් වනවා නොඅනුමානයි. මේ නිසාම අපේ මේ ලිපියේ කිසිම තැනක් මග නොහැර අවසානය තෙක්ම කියවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින්, ඔයාලා හැමෝම අහන ප්‍රශ්නය වෙන මැලේසියාවේ ඉගෙන ගන්න යන වියදම කොතෙක්ද ඇසුවොත් අපට ලබාදිය හැකි කෙටිම උත්තරය විදියට පැවසිය හැක්කේ,  100%  නිවැරදිවම යන අගය මෙතෙක් යැයි පැවසිය නොහැකි බවයි.  මැලේසියාවේ ඉගෙන ගන්න යන වියදම ප්‍රධාන වශයෙන් කරුණු තුනක් මත රදා පවතිනවා. එනම්  *ඔයා මැලේසියාවේ දී හදාරන පාඨමාලාව,  *ඔයා ඒ සදහා තෝරාගන්න විශ්ව විද්‍යාලය හෝ ආයතනය,  හා  * ඔයා තෝරාගන්නා අධ්‍යාපනික මට්ටම එනම් ඔයා මැලේසියාවේ දී කරන්නෙ Foundation එකක්ද Diploma එක