Student කෙනෙක්ට මැලේසියාවේ Living Cost එක කොපමණද ?

පෙර  ලිපියේදී අප, ශිෂ්‍ය ඔබ සදහා  මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන වියදම සාකච්ඡා කලා ඔබට මතක ඇති. එම ලිපිය ඔබ තවමත් කියවූයේ නැතිනම්, අප යෝජනා කරන්නේ මේ ලිපියට  පෙර එම ලිපිය කියවන ලෙසයි.  

මෙම ලිපිය තුලදී අප කතා කිරීමට අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ඔබට මැලේසියාවේ ජීවත් සදහා වැයවන වියදම්, එනම් Living Cost එක පිලිබදව සාකච්ඡා කිරීමටයි.

ඔබ කෙදිනක හෝ උසස් අධ්‍යාපනයට මැලේසියාවට යාමට අපේක්ෂා කරන්නේ නම් මේ ලිපිය ඔබට අතිශයින්ම වැදගත් එකක් වනවා නොඅනුමානයි. එම නිසා මේ ලිපිය අවසානය තෙක් කියවන්න කියලා අපි ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා. 

මේ ලිපියේ ඇති වියදම් දක්වා ඇත්තේ මැලේසියන් රින්ගිට් වලින් වන අතර මෙම ලිපිය ලියන 2023 සැප්තැම්බර් මාසය වන විට මැලෙසියානු රිගිට් එකක අගය දැක්වුනේ රුපියල් 70ක් ආසන්න අගයකය. කෙසේවූවත් ඔබ මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතු දේ නම් එකී අගය ඔබ මෙම ලිපිය බලන කාලය අනුව වෙනස් විය හැකි බවයි. 

එම නිසා මේ ලිපියේ අප දක්වන අගයන් ඔබ ලිපිය කියවන දිනයට අදාලව සලකා බලන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටිනවා. එසේම අප මෙහි දක්වන වියදම් 2023 වසරට අදාල වන අතර ඔබ මේ ලිපිය බලන කාලය අනුව ඒවාද වෙනස් විය හැකි බව ඔබ තරයේ මතකයේ තබා ගන්න.


එසේනම් වැඩි දුර කතා රහිතව අපි අපේ ලිපියට යොමු වෙමු.


upgradobraoad.com වෙබ් අඩවිය සදහන් කරන ආකාරයට මැලේසියාව යනු ලොව ජීවත් වීම සදහා මිල අධික රටවල් අතර 142 ස්ථානය හිමිකරගෙන තිබෙනවා. එය දැක්වෙන්නේ ජීවත් වීම සදහා සාපේක්ශව මිල අඩු රටක් ලෙසයි. කලාපයේ අනෙක් රටවල් වන සිංගප්පුරුවේ ජීවත් වීමට මසකට දල වශයෙන් ඇමරිකානු ඩොලර් 2169 කුත් ජපානයේ එය ඇමරිකානු ඩොලර් 1370 ලෙසත් ලෙස දක්වෙනවා. නමුත් මැලේසියාවේ එම අගය දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් 625 ලෙසයි. නමුත් මෙම අගයන්  සාමාන්‍ය දල අගයක් වන අතර ඒවා එක් එක් පුදගලය්න් ජීවත් වන ප්‍රදේශය, නවාතැන් මිල හා ඔවුන්ගේ ජීවන රටාව අනුව අඩු වැඩි වන බවද මතක තබා ගන්න. 

ශිෂ්‍යයෙක් ලෙස මැලේසියාවට යන අන්තර්ජාතික සිසුන්ට ඒ සදහා යන මුදල සාපේක්ෂව ලොව අනෙකුත් ප්‍රමුඛ රටවල් හා සසදන විට ඉතාම අවම අගයක පවතින අතර මේ නිසාම මැලේසියාව ලොව ප්‍රසිද්ධව ඇත්තේ අඩු වියදමකින් ඉතාම ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලැබිය හැකි රටක් ලෙසයි. 


එසේනම් ශිෂ්‍ය ඔබට මැලේසියාවේදි යන වියදම අපි මෙතැන් සිට ගැබුරින් සාකච්ඡා කරමු.

ශිෂ්‍ය ඔබට මැලේසියාවේදී ප්‍රධාන  වශයෙන් නවාතැන් , කෑම බීම, ප්‍රවාහන කටයුතු, ජල විදුලිය, අන්තර්ජාල හා මොබයිල් පහසුකම් සදහා අනිවාර්ය වියදමක් දැරීමට සිදුවේ. 

නවාතැන් පහසුකම් සලකා බැලූවිට, ඔබ තනි පුදගලයෙක් නම් ඔබට ඔබේ විශ්ව විද්‍යාලයෙන්ම නේවාසිකාගාර පහසුකම් සදහා අයදුම් කල හැකිය. මෙකී විශ්ව විද්‍යාලවලින්ම ලබාදෙන නේවාසිකාගාර සදහා මසකට රිගිට් 350-1250 අතර මුදලක් දැරීමට ඔබට සිදුවනවා ඇත. මෙහිදීද ඔබේ විශ්ව විද්‍යාලය අනුව මෙම ගණන් වෙනස් විය හැකි බවද  සිහියේ තබා ගන්න. එසේම විශ්ව විද්‍යාල වලින් පිටත නවාතැන් සදහා දල වශයෙන් මසකට රිගිට් 500 - 2200 අතර මුදලක් වැය වේ. මෙයද නගරයෙන් නගරයටද වෙනස් වේ. එසේම අග නගරය වන Kuala Lampur වල නවාතැන් සදහා මිල අනෙකුත් ප්‍රදේශවලට සාපේක්ෂව ඉහල අගයක් ගන්නා බවද ඔබ මෙහිදී මතකයේ තබාගත යුතුමය. 

ප්‍රවාහන වියදම් සලකා බැලූවිට ඒ සදහා ඔබට වැය වන්නේ අවම මුදලකි. ඔබ අගනගරය හා ඒ අවට ප්‍රදේශයක සිටින්නේ නම් LRT Train පහසුකම භාවිතා කල හැකිය. එසේම මෙහි බස් සදහා යන මුදලද අවම අගයකි. විශ්ව විද්‍යාලය හරහා අන්තර්ජාතික සිසුන්ට Traveling Card එකක් සදහා අයදුම් කර ලබාගත හැකි අතර එමගින් ඔබේ ප්‍රවාහන ගාස්තු 50% පමණ අඩු කරගැනීමටද ඔබට අවස්ථා උදා වේ. එසේම  මැලේසියාවේ ක්‍රියාත්මක වන ගාස්තු රහිත බසයක්ද ඇත. ඒවාද ඔබට කිසි අපහසුවකින් තොරව භාවිතා කල හැකිවන අතර taxi සදහා අප රටේ uber ආදී ලෙස වන Grab නමැති ඇප් එකද ඔබට භාවිතා කල හැකිය. ප්‍රවාහනය සලකා බැලූවිට මැලේසියාවේ ඇත්තේ අප රටට වඩා කාර්‍යක්ෂම හා ආරක්ශිත ප්‍රවාහන සේවයක් බව නිසැකවම අපට දැක්විය හැකිය. 

කෑම්බීම සදහා යන වියදම් සලකා බැලූවිට ඔබ පිටතින් ආහාර ගන්නේ නම් ඔබේ වේල් තුන සදහා මසකට දල වශයෙන් රිගිට් 200-500 අතර මුදලක් වැය වීම සිදුවේ. මෙය අප පෙර කී පරිදි ඔබේ ආහාර රටාව අනුව එයද වෙනස් විය හැකි බව සලකන්න. එසේම ඔබට කෑම බීම ඔබම සකසා ගැනීමට හැකි නම් මෙම අගයන් බොහෝ සෙයින් අඩු කරගැනීමට හැකිවනවා නොඅනුමානයි.

මීට අමතරව ශිෂ්‍ය ඔබට වැයවන අනෙකුත් වියදම් මෙලෙස දල වශයෙන් දැක්විය හැකිය:

* ජල විදුලිය සදහා: රිගිට් 100 -250 අතර අගයක් 

* අන්තර්ජාල හා මොබයිල් සදහා: රිගිට් 150 - 300 අතර අගයක් 

* අධ්‍යාපනික උපකරන හා අනෙකුත් දේ සදහා: රිගිට් 50 -100 අතර අගයක් 

* Healthcare පහසුකම් සදහා: රිගිට් 45 - 900 අතර අගයක් (රෝගී තත්ව අනුව)

* Gym පහසුකම් සදහා: රිගිට් 100 - 150 අගයකුත් දල වශයෙන් වැය වේ. 


තවද මෙහි දැක්වෙන්නේ ආහාර ද්‍රව්‍ය සදහා යන වියදම් වල සාරාංශයකි. (රිගිට් වලින්)  

  • Milk (1L): 7-7.5
  • White Bread: 3.5 - 4
  • Eggs: 6.5 - 7
  • Water (1.5L): 2 - 2.5
  • Banana (1kg): 5-6
  • Onion (1kg): 4-5
  • Chicken (1kg): 18-19 

තවද මෙහි දැක්වෙන්නේ මැලෙසියාවේ ශිෂ්‍ය ඔබ සදහා අඩුම මුදලක් වැයවන නගර වල list එකයි.  
 - Ipoh
- Alor Setar 
- Johor Bahru
- Mekala City
- Kuching 
- George Town
- Kota Bahru 



ශිෂයෙක් ලෙස මැලේසියාවට යන ඔබට ඔබේ වියදම් අඩු කරගත හැකි ක්‍රම කීපයක් මෙසේ දැක්විය හැකිය.

1) නවාතැන් සදහා විශ්ව විද්‍යාලයෙන් ලබාදෙන නේවාසිකාගාර භාවිතා කිරීම 
2) හැකිසෑම විටම ඔබේ ආහාර ඔබම පිස ගැනීම 
3) ප්‍රාවාහන පහසුකම් සදහා Traveling Card, Free Bus, LRT Train භාවිතා කිරීම 
4) මිල අඩු වෙලදපොල සොයා ඒවායෙන් ඔබට අවශ්‍ය දෑ මිලදී ගැනීම ආදිය දැක්විය හැකිය. 


තවද ඔබට ඔබේ වියදම් ආවරණය කරගැනීම සදහා මැලේසියානු රජය සතියට පැය 20ක කාලයක් සදහා සිසුන්ට Part Time Jobs වලට අවසර ලබාදී ඇත. නමුත් මෙහිදී ඔබට මුදල් සම්බන්ධ හා තහනම් වන අනෙක් රැකියාද වන බව සලකන්න. එසේම ඔබට මෙම රැකියා කිරීමට අවසර ඇත්තේ නිවාඩු දිනවල හා Semester Breaks අතර තුර බවද මතකයේ තබාගන්න. 

මෙකී අප සදහන් කල දේවලට අමතරව මැලේසියාවේ Living Cost පිලිබද අනෙක් ඔබේ ගැටලු හා ප්‍රශ්න සදහා Agape Education අප සම්බන්ධ කරගැනීමට දැන් ඔබට පුලුවන්.

 එසේම ඔබ කෙදිනක හෝ මැලේසියාවට උසස් අධ්‍යාපනය සදහා යාමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා හොදම ආයතනක් ලෙසද අප හා සම්බන්ධ වීමට දැන් ඔබට හැකියාව උදා වී තිබෙනවා.

මේ සියලුම දේ සදහා අප සම්බන්ධ කර ගැනීමට;
තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 


Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්