ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්

මැලේසියාව යනු අග්නිදිග ආසියාවේ අධ්‍යාපනය අතින් ඉතාම ඉහළ තැනක තිබෙන රටකි. ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල ශාඛා මැලේසියාවේ පිහිටා තිබෙන නිසාම රටවල් 180ක සිසුන් එහි පැමිනෙන්නේ ඉතාම ඉහළ මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමේ අරමුණ ඇතිවය. ලාංකික ඔබටද උසස් අධ්‍යාපනයට යා හැකි කදිම රටක් ලෙස අපට මැලේසියාව දැක්විය හැකිය. 

මෙම ලිපිය තුළින් අප කතා කරනු ලබන්නේ උසස් අධ්‍යාපනයට මැලේසියාවට යන සිසුන්ට හිමිවන ප්‍රථිලාභ කීපයක් පිළිබදවයි. 


1) සංස්කෘතීන් මිශ්‍ර වූ ඉගෙනුම් වටපිටාව 
සිසුවෙක් ලෙස මැලේසියාවට යන ඔබට රටවල් රැසකම සිසුන් සමග ඉගෙනීමේ අවස්ථාව සේම ඔවුන් සමග වැඩ කිරීමේ අවස්ථාවද ලැබේ. විවිධ සංස්කෘතික උත්සව සැමරීමට මෙන්ම ලොව පුරා මිතුරන් රැසක් හදුනාගැනීමටද සිසිවෙකුට අවස්ථාව සැලසේ. එය ඔහුට ලෝකයට තවත් නිරාවරණය වීමට අවස්ථාකි.  අනෙක් රටවලදී ඔබට මෙම අවස්ථාව හිමි නොවන අතර එය මැලේසියාවේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට හිමිවන විශේෂ ප්‍රතිලාභයකි. 


2) ප්‍රමිතියෙන් ඉහළ අධ්‍යාපනය 
මැලේසියානු රජය අධ්‍යාපනය සදහා වැඩි අවධානයක් ලබාදෙන නිසාම එහි තුළ වර්ගීකරනයේ ඉහළම රැදෙන විශ්ව විද්‍යාල කීපයක්ම ඇත. ඒවයේ ඉගෙනුම් ක්‍රම හා ඉගෙන ගන්නා සිසුන්ට ලබාදී ඇති පහසුකම් ඉතාම ප්‍රශංසනීයය. මේ නිසා ලොව ඉහළම ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් සිසුවෙකුට මැලේසියාවේදී හිමිවේ. යමෙකු මැලේසියාවේදී ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සලසා ගතහොත් එය එම රටේ සේම වෙනත් රටවල රැකියාවකට යොමුවීමේදී ඉහළින් පිලිගනු ලැබේ. දියුණුවන ලෝකයේ නවීනතම රැකියාවලට සුදුසුවන ආකරයේ අධ්‍යාපනයක් මෙහිදී සිසුන්ට ලබාගැනීමට හිමිවේ. 


3) අඩු අධ්‍යාපනික වියදම 
ලොව ප්‍රමුඛතම හා ප්‍රසිද්ධ රටවල අධ්‍යාපනයට යන සිසුවෙකුට ඔහුගේ උසස් අධ්‍යාපනය සම්පූර්ණ කිරීමට ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය වේ. නමුත් මැලේසියාවට උසස් අධ්‍යාපනයට යන සිසුවෙකුට දැරිය යුතු මුදල සාපේක්ෂව අවම අගයක් ගන්නා අතර පාඨමාලා, නේවාසිකාගාර හා අනෙකුත් පහසුකම් වලට යන වියදමද අනෙකුත් රටවලට සාපේක්ෂව අඩු හා දැරිය හැකි මට්ටමක පවතී. මෙය සිසුවෙකුට මැලේසියාවේදී ලැබෙන තවත් වටිනාම ප්‍රතිලාභයකි. 


4) ශිෂ්‍යාධාර හා අනෙකුත් දීමනා 
බොහෝ මැලේසියානු විශ්ව විද්‍යාලවල වෙනත් රටවලින් ඇතුලත්වන සිසුන්ට 10-80% දක්වා ශිෂ්‍යාධාර බොහෝවිට හිමිවේ. එය එක් එක් සිසුන්ගේ දක්ෂතා හා ජීවන තත්ව හා වෙනත් කරුණු අනුව වෙනස් වේ. මෙයද සිසුවෙකු ලෙස මැලේසියාවේදී ලැබෙන තවත් වටිනා ප්‍රතිලාභයකි. 


5) ඉංග්‍රීසි භාෂාවෙන් පාඨමාලා පැවැත්වීම 
මැලේසියාව යනු විවිධ භාෂා හා සංස්කෘතීන් මිශ්‍ර වූ රටක් සේම ලොව නන්දෙසින් පැමිණෙන සිසුන්ට අවස්ථා සැලසීම වෙනුවෙන් සියලුම විශ්ව විද්‍යාලවල පාඨමාලා පැවැත්වෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එය ලොව ඕනෑම රටක සිසුවෙකුට අධ්‍යාපනයට ඇති අවස්ථාව සහතික කරනු ලබයි. එසේම ලාංකික සිසුවෙකුට මෙකී බොහෝ පාඨමාලවට ඇතුලත් වීමේදී IELTS වැනි භාෂා සුදුසුකම් සලකා බැලෙන්නේ අඩු වශයෙනි. මැලේසියාව තුළ ඉංග්‍රීසි භාෂාවටද ඉහල තැනක් ද හිමිවේ. 


මෙම ප්‍රධාන ප්‍රතිලාභ වලට අමතරව සිසුන්ට හිමිවන තවත් ප්‍රතිලාභ රැසක්ම ඇත. ඔබ කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් මෙකී අනෙකුත් සියලුම ප්‍රතිලාභ හා තවත් තොරතුරු අප ආයතනයෙන් විමසිය හැකිය. අප ඔබට මැලේසියාවේ උසස් අධ්‍යාපනයට අවශ්‍ය සියලුම මාර්ගෝපදේශනය මුල සිටම ලබාදීමට සූදානම්. 


සම්බන්ධ වන්න අප සමග: 
තවද ඔබේ ගැටලු හා අනෙකුත් තොරතුරු සාකච්ඡා කරගැනීමට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි වන්න. ඒ සදහා යන්න මෙතනින්: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 







Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?