උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මෙම ලිපිය කියවන ඔබ සමහර විට අපොස සා.පෙල/ අපොස උසස් පෙළ / උපාධි සම්පූර්ණ කළ හෝ පශ්චාත් උපාධි සම්පූර්ණ කළ ඕනෑම අයෙකු වීමට පුලුවන. ඔබ ඔබේ වැඩිදුර අධ්‍යාපනය සදහා විදෙස් ගතවීමට අපේක්ෂා කරන අයෙකු නම් මෙම ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනවා නොඅනුමානය. එබැවින් මෙම ලිපිය අවසානය තෙක් කියවන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු. 

බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනය සදහා නිරන්තරයෙන් උත්සහ කරනුයේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව හෝ යුරෝපයයි. නමුත් මෙකී රටවල උසස් අධ්‍යාපනය සදහා වරම් ලැබෙනුයේ අයදුම් කරනා සීමිත පිරිසකට පමණි. මේ නිසාම එම අවස්ථා නොලැබෙන අය තම සිහින බොද කරගනිති. ඔබත් එවැනි අයෙකු නම් අපට පැවසීමට ඇත්තේ ඔබේ සිහින බොද නොකරගන්නා ලෙසයි. මන්ද අප සතුව ඔබේ සිහින සැබෑ කරන පණිවිඩය ඇති බැවිනි. 

ඉහත කී ප්‍රධාන රටවලට අයදුම් කිරීමේදී ඔබට ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් හෝ මුදල් විශාල ප්‍රමාණයක් පෙන්වීම අතිශය අනිවාර්‍ය වේ. මෙම හේතු දෙක නිසාම විදෙස් අධ්‍යාපනයට අයදුම් කරන බොහෝ දෙනා ප්‍රතික්ෂේප වෙති. මෙකී ප්‍රශ්න දෙකටම හොදම විකල්ප රටක් ලෙස ඔබට මැලේසියාව හදුන්වාදීමට අපට හැකිය. 

මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමේදී ලැබෙන ප්‍රධාන වාසිය නම් යන වියදම එසේත් නැතිනම් Low Cost එක දැක්විය හැකිය. 2023 අද වනවිට ඔබට ඕස්ට්‍රේලියාවට හෝ කැනඩාවට යන්නේ නම් ලක්ෂ 50කට වැඩි මුදලක් දැරීමට සිදුවේ. නමුත් ඔබට මැලේසියාවට යාමට දළ වශයෙන් වියදම් වන්නේ ලක්ෂ 10 -12 අතර මුදලක් පමණි. නමුත් මෙය ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලය හෝ අනෙකුත් සාධක මත මදක් වෙනස් විය හැකිය. 

ඔබ කුමන අධ්‍යාපන මට්ටමක සිටියද Foundation, Diploma, Degree, Masters, PHD සදහා මැලේසියා විශ්ව විද්‍යාලවල අවස්ථා සහිතවේ. එසේම ඔබට තෝරාගැනීමට ඇති පාඨමාලාද විශාල ප්‍රමාණයක් මැලේසියා විශ්ව විද්‍යාලවල ඇත. ඒවායින් කීපයක් නම් Engineering, IT, Management, Medicine, Fashion Designing, Nursing.........ලෙස දැක්විය හැකිය. එසේම මැලේසියාව යනු ලොව හොදම විශ්ව විද්‍යාලවල ශාඛා පිහිටි ගිනිකොණ දිග ආසියාවේ අධ්‍යාපන කේන්දස්ථානයක් ලෙසද දැක්විය හැකිය.

තවද මැලේසියාවට Visa අයදුම් කිරීමේ පටිපාටියද අනෙක් ප්‍රසිද්ධ රටවලට සාපේක්ෂව සරල හා වඩාත් පහසු වේ. ඔබේ වීසා අයදුම බොහෝවිට අඩු කාලයකින් සම්පූර්ණ කරගැනීමට හැකිවනවා සේම අයදුම් කරන අයගෙන් ඒවා ප්‍රතික්ෂේප වන ප්‍රමාණයද අවම අගයක් ගනී.

මැලේසියාවට අධ්‍යාපනයට යන ඔබට සතියකට පැය 20 කාලයක් Part Time Job වලට අවසර හිමිවේ. එසේම ඔබ මැලේසියාවේ විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය හමාර කළ විට එය යුරෝපය, ඇමරිකාව, කැනඩාව හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට ටිකට් එක පහසුවෙන් ලබාදෙනු ඇත. මෙලෙස බොහෝමයක් දෙනා Direct Transfer වලින් මෙකී රටවලට පහසුවෙන් සංක්‍රමණය වේ. මෙය ඔබට ලැබෙන වටිනාම වාසියකි.

ඔබත් මෙලෙස මැලේසියාවේ උසස් අධ්‍යාපනය ලැබීමට සැසෙන්නේ නම් ඒ සදහා අප AGape Education Consultancy ආයතනය තෝරා ගැනීමට ඔබට පුලුවන. අප දැනටමත් සිසුන් 200 කට වැඩි පිරිසක් මැලේසියාවට යාම සදහා මාර්ගෝපදේශනය ලබා දී ඇති අතර ඔබට අපගේ සිසුන් අප පිළිබද පළ කල අදහස් අපේ Facebook Page පිවිසීමෙන් බලාගැනීමටද හැකිය. 

අප හා සම්බන්ධ වීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඒ සදහා පහත විස්තර යොදාගන්න;

තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 

Comments

Popular posts from this blog

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්