මැලේසියාවේ Student Visa වලින් කරන්න පුලුවන් Part Time Jobs මොනවාද??

මේ ලිපිය  එක තුලින් අප කතා කරනුයේ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන ඔයාලා නිතරම අපෙන් අසන තවත් පැනයක් පිලිබදවයි. එනම් Students Visa වලින් ගොස් මැලේසියාවේ කරන්න පුලුවන් Part Time Jobs මොනවාද ‍යන්න පිලිබදවයි.

අප විශ්වාස කරන ආකාරයට ඔයා කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් මේ වීඩියෝව ඔයාට අතිශය වැදගත් එකක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා මේ ලිපිය කිසිම තැනක Skip නොකර බලන ලෙස අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ විඩියෝවේ අවසානයේදී මේ part time jobs පිලිබදව අතිශය වැදගත් කරුනු කීපයක්ම අප ගෙන එනු ලබනවා. ඒ නිසා අපි ඔයාගෙන් නැවත් වරක් මේ ලිපිය අවසානය තෙක්ම බලන ලෙස ඉල්ලා සිටිනවා. 

මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන ඔයාගෙ පලවෙනි පොදුම ප්‍රශ්නය තමයි මැලේසියාවේ ගිහින් අපට part time jobs කරන්න පුලුවන් ද යන එක. එයට දිය හැකි කෙටිම උත්තරය නම් ඔව් ඔබට කල හැකිය යන්නයි. 

මැලේසියානු රජය එහි උසස් අධ්‍යාපනයට පැමිණෙන අන්තර්ජාතික සිසුන් සදහා Part time Jobs සදහා අවසර ලබදී තිබෙනවා. එහිදී ඔබේ විශ්ව විද්‍යාලයේ Semester Breaks අතරතුර ඔබට සතියකට පැය 20 කාලයක් part time jobs සදහා අවසර හිමිවන අතර Semester අතරතුර කාලවල  සතියට පැය 10ක කාලයක් එසේ අවසර හිමිවනවා. නමුත් මෙහිදී ඔබ තරයේ මතක තබාගත යුතු දේ නම් සිසුන්ට තහනම් වන රැකියා කීපයක්ම මැලේසියාවේ ඇති බවයි. 

ඔබේ එදිනෙදා වියදම් පියවා ගැනීමට හා විශ්ව විද්‍යාලවල වියදම් පියවා ගැනීම ශිෂ්‍ය ඔබට අනිවාර්ය වන නිසා මෙලෙස ඔබ Part Time එකක් කිරීමෙ කිසිදු වැරැද්දක් නැතිබව අප අවිවාදයෙන්ම පිලිගන්නෙමු. නමුත් ඔබ ඒවා අතිශය පරිස්සමෙන් කල යුතු බව අප මෙහිදී ඔබට අවධාරණය කරන්නෙමු.

 මැලේසියාවේ දී ඔබට Cashier, Accountant වැනි මුදල් සම්බන්ධ රැකියා වලට අවසර නැත. එසේම Gambling, Night Club, massage parlors වලට සම්බන්ධ වන රැකියාද ශිෂ්‍ය ඔබට තහනම් වේ. ඔබ මෙම නීති විරෝධී රැකියාවල නිරතවී අසුවුවහොත් දැඩි දඩුවම් වලට යටත් වීමට සිදුවන බව තරයේ මතකයේ තබා ගත යුතු කරුණකි.

ශිෂ්‍ය ඔබට මැලේසියාවේ Part Time Job එකක් කිරීමට Valid Student Pass එකක් හා Work Permit එකක් තිබීම අනිවාර්ය වේ. Work Permit එකක් ලබාගැනිමට සිසුන් තම විශ්ව විද්‍යාලයෙන් Support Lettter එකක් හා ජොබ් එක කිරීමට යන ආයතනයෙන් Job offer එකට අදාල Document ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. 

මෙම Work Permit නිකුත් කරනු ලබන්නේ Depertment of Immigration Malaysia විසිනි. 

 

මෙලෙස අන්තර්ජාතික සිසුන්ට මැලේසියාවේ සිදුකල හැකි Part time JOBS රැසක්ම ඇති අතර ඒවායෙන් ප්‍රසිද්ධම ඒවා කීපයක් අපට මෙසේ ගෙනහැර දැක්විය හැකිය. 


- Tutoring

- Event Staff 

- Customer Service Representative 

- Sales Representative 

- Data Entry Clerk

- Waiter / Waitress 

- Cashier

- Bartender 

- Social Media Manager 

- Translator 

- Writter 

- Photographer 


Agape Education අප ආයතනය යනු මැලේසියාවේ උසස් අධ්‍යාප්නයට ශිෂ්‍ය ඔබට මග පෙන්වීම හා මාර්ගෝපදේශනය සලසන ආයතයක් පමණක් වන අතර අප කිසිම අවස්ථාවක අප සිසුන්ට හෝ වෙනත් කිසිම සිසුවෙකුට Part time සොයා දෙන හෝ ලබාදෙන ආයතයක් නොවන් බව මෙය නරබන ඔබ අනිවාර්යෙන්ම මතක් තබා ගත යුතුය.

 එසේම අප සිශ්වෙකු හෝ වෙනත් ආකරයක ලාංකික සිසුවෙක් ලෙස ඔබ මැලෙසියාවට ගොස් නීති විරෝධී රැකියාවල නිරත වුවහොත් හා එහිදී ඔබට මතුවන ගැටලු හා නීතිමය ප්‍රශන වලදී අප ආයතයක් ලෙස කිසිම අවස්ථාවක බැදී නොසිටින බවද මෙහිදී අවධාරණය කරන්නෙමු. 

Part Time Job එකක් සොයා ගැනීම හා එය මැලේසියානු නීතියට එකගව කිරීම ශිෂ්‍ය ඔබේ වගකීමක් වන බව අප අවධාරණය කරන්නෙමු. මෙහිදී ආයතයක් ලෙස අප ඔබ වෙනුවෙන් ඉදිරිපත් නොවන බව කණගාටුවෙන් උවද අපට යලිත් සදහන් කිරීමට සිදුවේ. 

එසේනම් මේ වටිනා ලිපිය අවසානය තෙක් නැරඹු ඔබට අපගේ ස්තුතිය පල කර සිටින අතර ඔබත් කෙදිනක මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් පහත description එකේ ඇති link එකෙන් ගොස් අපගේ 100% Free Consultation  එකට register වන ලෙස අප ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. තවදුරටත් වැඩිදුර තොරතුරු සදහා මෙම contact details වලින් අප හා සම්බන්ධ වීමට ඔබට හැකිය

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්