පරිගණක ක්ෂේත්‍රයෙන් ඉහලටම යන්න මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙමු.

වර්තමානය වන විට ලෝකය පුරා පරිගණක හා තොරතුරු තාක්ෂණයට හිමිවී තිබෙන්නේ අතිශය සුවිශේෂී තැනක්...ඊට හේතුව නම් ලෝකය තාක්ෂණික අතින් වේගයෙන් දියුණු වීම හා මිනිසා වේගයෙන් එම තාක්ෂණය වෙත යොමුවෙමින් පැවතීමයි. මෙකී තාක්ෂණික දියුණුව නිසාම පරිගණක හා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉල්ලුමද ඉතා සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. මේ නිසාම එම ක්ෂේත්‍රයේ රැකියා විශාල ප්‍රමාණයක් දැනටමත් බිහිවී තිබෙනවා සේම අනාගතයේදීත් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවීමට නියමිතය.

මේ හේතුවෙන් වර්තමානය වනවිට තොරතුරු තාක්ෂණික ක්ශේත්‍රයට සිසුන්ගේ වැඩි කැමැත්තක් හා ඉල්ලුමක් ඇතිවී ඇති බව නොරහසක්... මේ වීඩියෝව බලන ඔබටද පරිගණක හා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට දැන් පහසුවෙන් ඇතුලත් වී එහිදී ඔබට ගැලපෙන පාඨමාලාවක් හදාරා ඉහල වැටුපක් ලබන වෘත්තියකට ඇතුලත් වීම කල හැකිය.

මෙලෙස පරිගණක හා තොරතුරු තාක්ෂණික අංශයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ඔබ ඔබේ උපාධිය හෝ පශ්චාත් උපාධිය විදෙස් රටකදී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා කදිම රටක් ලෙස අපට මැලේසියාව ගෙනහැර දැක්විය හැකිය. 

මෙහිදී ඔබට අවම වියදමකින් යුතුව ලොව පිලිගත් උපාධියක් හා පශ්චාත් උපාධියක් මැලේසියාවේදී සම්පූර්ණ කල හැකිය. මෙම සියලුම පරිගණක උපාධි හා පශ්චාත් උපාධි ලොව ඕනෑම රටකදී ඉහලින් පිලිගන්නා බැවින් ඔබට පහසුවෙන්ම මැලේසියාව තුල හෝ ලොව ඕනෑම රටකදී ඉහල වැටුප් ලබන රැකියාවකට යොමුවීමට නිසැකවම හැකිවේ. 

එසේනම් අප මෙතැන් සිට සලකා බලමු මැලේසියාවේ දී ඔබට හැදෑරිය හැකි තොරතුරු තාක්ෂණික උපාධි පාඨමාලාවන් මොනවාද කියා,

1) Bachelor of Computer Science

2) Bachelor of Computer Science in Data Science 

3) Bachelor of Computer Science (Honors)

4) Bachelor of Software Engineering (Honors)

5) Bachelor of Information Technology (Honors)

6) Bachelor of Information Systems (Honors)

7) Bachelor of Computer Science (Hons) in Business Analytics 

8) Bachelor of Computer Science (Hons) in Cloud Computing 

9) Bachelor of Computer Science (Hons) in Mobile Computing 

10) Bachelor of Computer Science (Hons) in Network & Security 

11) Bachelor of Graphic Deaigning

12) Bachelor of Multimedia (Hons)

13) Bachelor of Animation Design with Game Arr (Hons)


මීට අමතරව තවත් පරිගණක හා තොරතුරු තාක්ෂණික පාඨමාලා විශාල සංකයාවක් මැලේසියානු විශ්ව විද්‍යාල වලදී ඔබට හැදෑරිය හැකිවේ. ..............

මෙය බලන ඔබ දැනටමත් මෙම ක්ෂේත්‍රයේ රැකියාවක් කරන හෝ උපාධියක් කල අයෙකු නම්... දැන් අප සලකා බලමු ඔබට මැලේසියාවේ දී හැදෑරිය හැකි පශ්චාත් උපාධි පාඨමාලා මොනවාද කියා,

1) Master of Artificial Inteligence 

2) Master of Business Information Systems 

3) Master of Data Science 

4) Master of Applied Computing 

5) Master of Computer Science 

6) Doctor of Philosophy in Computer Science 

7) Master in Information Systems (MIS)

8) Master in Information Technology (MIT)


ඔබටත් මෙකී පාඨමාලා, ඒවායේ වියදම්, එම පාඨමාලා ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාල පිලිබදව වැඩිදුර තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම්  අපේ 100% නොමිලේ පවත්වන මාර්ගෝපදේශනයට සම්බන්ධ වී ඒ තුලින් ඒ පිලිබද ගැඹුරු විස්තරයක් ලබාගත හැකිවෙ.....

මේ සියලුම දේවල් සහ මැලේසියාවේ උසස් අධ්‍යාපනය පිලිබද අනෙකුත් ගැටලු හා  විමසීම් සදහා පහත ක්‍රමවලින් අප හා සම්බන්ධ වීමටද ඔබට දැන් ඔබට පුලුවන්.....

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්