මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

පෙර ලිපි වල අප සදහන් කළ පරිදි මැලේසියාව කියන්නේ උසස් අධ්‍යාපනයට විදේශ ගත වෙන්න තියෙන ඉතාම කදිම රටක්. අනෙක් රටවලට සාපේක්ෂව මැලේසියාවේ ඇති විශේෂත්වය විදියට අපිට, 'අඩු අධ්‍යාපනික වියදමකින් ඉතාම ප්‍රමිතිගත අධ්‍යාපනයක් ලබා ගත හැකිවීම' යන කරුණ දක්වන්න පුලුවන්. 

ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරනු ලබන්නේ උසස් අධ්‍යාපනයට මැලේසියාව තෝරගන්න බලන් ඉන්න ඔයාට ඒ සදහා කොපමණ මුදලක් වැය වෙනවාද යන්නයි. ඒ නිසා අවසානය තෙක් අප ඔබට පවසන කරුණු ඉතාම වැදගත් වනවා නොඅනුමානයි. මේ නිසාම අපේ මේ ලිපියේ කිසිම තැනක් මග නොහැර අවසානය තෙක්ම කියවන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.

ඉතින්, ඔයාලා හැමෝම අහන ප්‍රශ්නය වෙන මැලේසියාවේ ඉගෙන ගන්න යන වියදම කොතෙක්ද ඇසුවොත් අපට ලබාදිය හැකි කෙටිම උත්තරය විදියට පැවසිය හැක්කේ, 

100%  නිවැරදිවම යන අගය මෙතෙක් යැයි පැවසිය නොහැකි බවයි. 


මැලේසියාවේ ඉගෙන ගන්න යන වියදම ප්‍රධාන වශයෙන් කරුණු තුනක් මත රදා පවතිනවා. එනම් 

*ඔයා මැලේසියාවේ දී හදාරන පාඨමාලාව,

 *ඔයා ඒ සදහා තෝරාගන්න විශ්ව විද්‍යාලය හෝ ආයතනය, 

හා 

* ඔයා තෝරාගන්නා අධ්‍යාපනික මට්ටම එනම් ඔයා මැලේසියාවේ දී කරන්නෙ Foundation එකක්ද Diploma එකක්ද Degree එකක්ද හා Masters එකක්ද 

යන්න අනුව වෙනස් වෙනවා. 


දල වශයෙන් අගයක් ලෙස පැවසුවොත් Foundation  හෝ Diploma එකක් සදහා රුපියල් මිලියනයක සිට මිලියන 1.5ක අතර මුදලකුත් Degree හෝ Master එකක් සදහා වසරකට ලක්ශ 12ක් වැනි මුදලකුත් අපට දල වශයෙන් දක්වන්න පුලුවන්. ඔබ විශේෂයෙන් මතක තබා ගත යුතු දේ නම් අප මේ පැවසූ අගය සෑම විටම වෙනස් වන බවයි. එනම් මීට වඩා වැඩි වීමට වගේම අඩු වීමටද  හැකි බවයි. 

Agape Education අප සමග ඔයාලට 50% දක්වා Scholarship අවස්ථා ලැබෙන අතර ඉහත අප දක්වා ඇත්තේ එම Scholarship ඇතුලත් වූ පසු අගය බව සිහියේ තබා ගන්න.


ඔයා කුමන ආකාරයකින් මැලේසියානු විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනයට යොමු වූවත් ඔබට 

* EMGS fee එනම් Visa ක්‍රියාවලියට යන වියදම

* Security Bond Fee

* Registration Fee

* First Year University Fee or Semester fee 

ගෙවීම අනිවාර්‍ය වෙනවා. 


ඉහත අප දැක්වූ මිල ගණන් වලට මෙකී Emgs fee, Security Bond, Registration Fee හා First Year Tution fee or Semester Fee අඩංගු වූ පසු මිල ගණන් බවද ඔබ සිහියේ තබා ගත යුතුය.

ඔයාගේ පාඨමාලාවට අදාල වියදම ඔයාගෙ Offer Letter ලැබුනු පසු ඒ තුල දක්වලා තියෙනවා බලාගන්නත් පුලුවන්. අප සමග මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන සෑම සිසුවෙකුටම අප අවධාරණය කරනුයේ ඉහත University Fee  අදාල විශ්ව විද්‍යාලයටම ගෙවන ලෙසටයි. 

ඔයා කෙදිනක හෝ ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව වැනි රටවල උසස් අධ්‍යපනයට යොමුවන්නේ නම් මෙම අද්‍යාපනික වියදම් හා අනෙකුත් වියදම් මැලේසියාවට සාපේක්ෂව කීප ගුණයකින්ම වැඩි බව අවිවාදයෙන් අපට පැවසා සිටින්නට පුලුවන්. එකීරටක ශිෂ්‍යයෙකුට වසරකට යන වියදම දල වශයෙන් සලකා බැලුවහොත් එය වසරකට ඩොලර් 30000 -40000 අතර අගයක් ගන්නා අතර මැලේසියාවේ එම අගය දලවශයෙන් ඩොලර් 6000 අතර අගයක් බව අපට දළ වශයෙන් පැවසිය හැකිය. 

තවද ශිෂ්‍ය ඔබගේ වියදම ඔබේ ජීවන රටාව හා ඔබ මැලේසියාවේ ජීවත් වන ප්‍රදේශය හා අනෙක් කරුනු මතද වෙනස් වන බව ඔබ මෙහිදී සිහියේ තබා ගත යුතුය  

තවද ඔයාගෙ අධ්‍යාපනික වියදම් ආවරණය කරගන්න මැලේසියානු විශ්ව විද්‍යාලවලින් සිසුන්ගේ Semester Breaks හා නිවාඩු දිනවලදී සතිකට පැය 20 ක කාලයක් සදහා Part time jobs සදහා අවසර දීලා තියෙනවා. තවද ඔබ මෙහිදී සිහියේ තබාගත යුතු වන්නේ මුදල් සම්බන්ධ රැකියා සහ සිසුන්ට තහනම් වන අනෙකුත් රැකියා මැලේසියාවේ ඇති බවයි. 

මෙම Part Time Job පිලිබද වෙනම ලිපියකින් ඔයාලා දැනුවත් කරන්න අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා 

මේ අනුව ඔබට පැමිනිය හැකි නිගමනය වන්නේ මැලේසියාව යනු අඩු වියදමකින් ඉතාම ඉහල ප්‍රමිතිගත අධ්‍යපනයක් ලැබිය හැකි රටක් යන්නයි. ශ්‍රී ලාංකික ඔබට මෙම අවම හා දැරිය හැකි වියදම නිසා පහසුවෙන්ම මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වී ඉකමනින්ම ඔබේ උසස් ඇද්‍යාප්න සිහිනය හබා යන්න ආරම්භ කරන්න පුලුවන්....

මැලේසියාවේ උසස් ඇද්‍යාප්න වියදම වගේම ඔබට හැදෑරිය හැකි පාඨමාලා, විශ්ව විද්‍යාල හා අනෙකුත් ඔබේ උසස් අධ්‍යාපන ගැටලු සාකච්ඡා කරගන්න අපේ 100% නොමිලේ පවත්වන මාර්ගෝපදේශනයට සමබන්ධ වෙන්න කියලා අවසානයේදී ඔබ සැමගෙන් අපි ඉල්ලා සිටිනවා. එහිදී ඔබට ඔබ තෝරාගන්නා පාඨමාලා ව සදහා 50% Scholarship අවස්ථා ලබා ගන්නත් පුලුවන්. 

ඒ වගේම වැඩිදුර තොරතුරු whatsapp, email, call වගේම facebook, instagram අපේ පිටු හරහාත් ලබාගන්න ඔයාලට දැන් පුලුවන් .

ඔබ අප ආයතනය සමග මැලේසියාවේ උසස් අධ්‍යාප්නයට යොමුවීමට තීරණය කරේ නම් ඒ සදහා අපව සම්බන්ධ කර ගැනීමට,

තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්