Posts

Showing posts from July, 2023

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්

මැලේසියාව යනු අග්නිදිග ආසියාවේ අධ්‍යාපනය අතින් ඉතාම ඉහළ තැනක තිබෙන රටකි. ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල ශාඛා මැලේසියාවේ පිහිටා තිබෙන නිසාම රටවල් 180ක සිසුන් එහි පැමිනෙන්නේ ඉතාම ඉහළ මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමේ අරමුණ ඇතිවය. ලාංකික ඔබටද උසස් අධ්‍යාපනයට යා හැකි කදිම රටක් ලෙස අපට මැලේසියාව දැක්විය හැකිය.  මෙම ලිපිය තුළින් අප කතා කරනු ලබන්නේ උසස් අධ්‍යාපනයට මැලේසියාවට යන සිසුන්ට හිමිවන ප්‍රථිලාභ කීපයක් පිළිබදවයි.  1) සංස්කෘතීන් මිශ්‍ර වූ ඉගෙනුම් වටපිටාව  සිසුවෙක් ලෙස මැලේසියාවට යන ඔබට රටවල් රැසකම සිසුන් සමග ඉගෙනීමේ අවස්ථාව සේම ඔවුන් සමග වැඩ කිරීමේ අවස්ථාවද ලැබේ. විවිධ සංස්කෘතික උත්සව සැමරීමට මෙන්ම ලොව පුරා මිතුරන් රැසක් හදුනාගැනීමටද සිසිවෙකුට අවස්ථාව සැලසේ. එය ඔහුට ලෝකයට තවත් නිරාවරණය වීමට අවස්ථාකි.  අනෙක් රටවලදී ඔබට මෙම අවස්ථාව හිමි නොවන අතර එය මැලේසියාවේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට හිමිවන විශේෂ ප්‍රතිලාභයකි.  2) ප්‍රමිතියෙන් ඉහළ අධ්‍යාපනය  මැලේසියානු රජය අධ්‍යාපනය සදහා වැඩි අවධානයක් ලබාදෙන නිසාම එහි තුළ වර්ගීකරනයේ ඉහළම රැදෙන විශ්ව විද්‍යාල කීපයක්ම ඇත. ඒවයේ ඉගෙනුම් ක්‍රම හා ඉගෙන ගන්නා සිසුන්

විදෙස් අධ්‍යාපනයට හොදම රටක් වන මැලේසියාව ගැන දැන ගනිමු

මැලේසියාව යනු අග්නිදිග ආසියාවේ පිහිටා ඇති ලාංකිකයින් අතර ඉතාම ජනප්‍රිය රටකි. වර්ග කිලෝමීටර 330,803ක් විශාල මේ සුන්දර රට ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එනම් අර්ධද්වීප මැලේසියාව හා නැගෙනහිර මැලේසියාව ලෙසයි.  මෙයින් විශාලතම කොටස වන්නේ බෝර්නියෝ දූපතේ පිහිටි නැගෙනහිර මැලේසියාවයි. නමුත් එම කොටස අඩු සංවර්ධනයක් හා අඩු ජනගහනයකින් යුතු කලාපයක් වේ. එහි බහුලව දැකිය හැකි වන්නේ සතුන්ගෙන් පිරි ඝන වැසි වනාන්තරයි. තවද මුහුදු බඩට වන්නට ජනයා ජීවත් වන අතර මේ දූපතේ ස්වදේශීය ජනයාද බහුල වේ. මෙම නැගෙනහිර මැලේසියාව බෘනායි හා ඉන්දුනීසියාව යන රටවලට මායිම් වේ.  ජනගහනය වැඩි අර්ධද්වීප මැලේසියාව වැඩි සංවර්ධනයකින්ද යුතු කලාපයක් වේ. රටේ අගනුවර වන ක්වාලාලූම්පූර් ඇතුලු ආර්ථික කේන්ද්‍රස්ථාන පිහිටා ඇත්තේ මේ කලාපයේය. මෙම අර්ධද්වීප මැලේසියාව උතුරින් තායිලන්තයට මායිම් වන අතර දකුණින් සිංගප්පූරුවට මායිම් වන්නේ පාලමකිනි.  අදවන විට මැලේසියාව යනු ඉතාම වේගයෙන් දියුණුවන ආසියාතික රටකි. එසේම එය ලාංකිකයින්ට ඉතාම පහසුවෙන් Visa ලබාගත හැකි රටක් ලෙසද ප්‍රසිද්ධය. ප්‍රධාන මුදල් ඒකක ය වන්නේ රින්ගිට් වේ. මිලියන 33කට වැඩි ජනගහනයක් වෙසෙන මෙම ස

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මෙම ලිපිය කියවන ඔබ සමහර විට අපොස සා.පෙල/ අපොස උසස් පෙළ / උපාධි සම්පූර්ණ කළ හෝ පශ්චාත් උපාධි සම්පූර්ණ කළ ඕනෑම අයෙකු වීමට පුලුවන. ඔබ ඔබේ වැඩිදුර අධ්‍යාපනය සදහා විදෙස් ගතවීමට අපේක්ෂා කරන අයෙකු නම් මෙම ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනවා නොඅනුමානය. එබැවින් මෙම ලිපිය අවසානය තෙක් කියවන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු.  බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනය සදහා නිරන්තරයෙන් උත්සහ කරනුයේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව හෝ යුරෝපයයි. නමුත් මෙකී රටවල උසස් අධ්‍යාපනය සදහා වරම් ලැබෙනුයේ අයදුම් කරනා සීමිත පිරිසකට පමණි. මේ නිසාම එම අවස්ථා නොලැබෙන අය තම සිහින බොද කරගනිති. ඔබත් එවැනි අයෙකු නම් අපට පැවසීමට ඇත්තේ ඔබේ සිහින බොද නොකරගන්නා ලෙසයි. මන්ද අප සතුව ඔබේ සිහින සැබෑ කරන පණිවිඩය ඇති බැවිනි.  ඉහත කී ප්‍රධාන රටවලට අයදුම් කිරීමේදී ඔබට ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් හෝ මුදල් විශාල ප්‍රමාණයක් පෙන්වීම අතිශය අනිවාර්‍ය වේ. මෙම හේතු දෙක නිසාම විදෙස් අධ්‍යාපනයට අයදුම් කරන බොහෝ දෙනා ප්‍රතික්ෂේප වෙති. මෙකී ප්‍රශ්න දෙකටම හොදම විකල්ප රටක් ලෙස ඔබට මැලේසියාව හදුන්වාදීමට අපට හැකිය.  මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමේ