විදෙස් අධ්‍යාපනයට හොදම රටක් වන මැලේසියාව ගැන දැන ගනිමු

මැලේසියාව යනු අග්නිදිග ආසියාවේ පිහිටා ඇති ලාංකිකයින් අතර ඉතාම ජනප්‍රිය රටකි. වර්ග කිලෝමීටර 330,803ක් විශාල මේ සුන්දර රට ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එනම් අර්ධද්වීප මැලේසියාව හා නැගෙනහිර මැලේසියාව ලෙසයි. 

මෙයින් විශාලතම කොටස වන්නේ බෝර්නියෝ දූපතේ පිහිටි නැගෙනහිර මැලේසියාවයි. නමුත් එම කොටස අඩු සංවර්ධනයක් හා අඩු ජනගහනයකින් යුතු කලාපයක් වේ. එහි බහුලව දැකිය හැකි වන්නේ සතුන්ගෙන් පිරි ඝන වැසි වනාන්තරයි. තවද මුහුදු බඩට වන්නට ජනයා ජීවත් වන අතර මේ දූපතේ ස්වදේශීය ජනයාද බහුල වේ. මෙම නැගෙනහිර මැලේසියාව බෘනායි හා ඉන්දුනීසියාව යන රටවලට මායිම් වේ. 

ජනගහනය වැඩි අර්ධද්වීප මැලේසියාව වැඩි සංවර්ධනයකින්ද යුතු කලාපයක් වේ. රටේ අගනුවර වන ක්වාලාලූම්පූර් ඇතුලු ආර්ථික කේන්ද්‍රස්ථාන පිහිටා ඇත්තේ මේ කලාපයේය. මෙම අර්ධද්වීප මැලේසියාව උතුරින් තායිලන්තයට මායිම් වන අතර දකුණින් සිංගප්පූරුවට මායිම් වන්නේ පාලමකිනි. 

අදවන විට මැලේසියාව යනු ඉතාම වේගයෙන් දියුණුවන ආසියාතික රටකි. එසේම එය ලාංකිකයින්ට ඉතාම පහසුවෙන් Visa ලබාගත හැකි රටක් ලෙසද ප්‍රසිද්ධය. ප්‍රධාන මුදල් ඒකක ය වන්නේ රින්ගිට් වේ. මිලියන 33කට වැඩි ජනගහනයක් වෙසෙන මෙම සුන්දර රටේ එයින් 54% නියෝජනය කරන්නේ මැලේ ජාතිකයින් වේ. 25% චීන ජාතිකයින් වන අතර 7.5% ක් ඉන්දියානුවන් වේ. මැලේ භාෂාව නිල භාෂාව වන අතර ඉංග්‍රීසි භාෂාවද එහි බහුලව භාවිතා වේ. රටේ ජනගනයෙන් 65% සුන්නි මුස්ලිම් ආගම අදහන අතර 18% ක් බුද්ධාගමද අදහති. 

මැලේසියාව තවද ප්‍රසිද්ධවන කාරණයක් වන්නේ එහි ඇති ඉතාම ප්‍රනීත ආහාර රටාවයි. මැලේ, චීන, ඉන්දීය සංස්කෘති මිශ්‍රවූ ඉතාම ප්‍රනීත ආහාර ඔබට මැලේසියාවේදී රසවිදිය හැකිය. එසේම Street Food කලාවටද මැලේසියාව ඉතා ජනප්‍රියය. 

ඉතාම දැකුම්කලු හා මනස්කාන්ත රටක් වන මෙය අග්නිදිග ආසියාවේ සංචාරයට ඉතාම ගැලපෙන රටකි. ලොව පුරා සංචාරකයින් රැසක් වාර්ෂිකව මෙහි පැමිණෙන අතර සංචාරක කර්මාන්තය ඔවුන්ගේ ආර්ථිකයේද ප්‍රධාන තැනක් ගනී. ක්වාලාලම්පූර් අගනුවර පිහිටි Petronas Tower මෙහි පැමිණෙන සංචාරකයින්ගේ ප්‍රසිද්ධ නැවතුම්පලක් ලෙස දැක්විය හැකි අතර දර්ශනීය වෙරළ තීර, වන සතුන් හා වනාන්තර වලින් බහුල මෙහි සංචාරකයින්ට යා හැකි මනරම් ස්ථානද බහුලය. 

ඩොලර් බිලියන 447ක ආර්ථිකයකට හිමිකම් කියන මැලේසියාව ආසියාවේ ඉතාම වේගයෙන් දියුණුවන රටක් ලෙසද දැක්විය හැකිය. මෙහි ඒක පුද්ගල ආදායම 2023 වන විට දැක්වුනේ ඩොලර් 13,382 ලෙසය. එනම් එය ලංකාවට වඩා 3-4 ගුණයක් වැඩි අගයකි. මැලේසියානු රින්ගිට් එකක් 2023 ජුලි වනවිට දැක්වුනේ රුපියල් 70 කට ආසන්න අගයක ය.

 නිෂ්පාදන, තාක්ෂණික, ඛනිජ තෙල්  හා සංචාරක කර්මාන්තය ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන ප්‍රධාන කර්මාන්ත ලෙස දැක්විය හැකිය. එසේම මැලේසියාව යනු ලොව විශාලතම රබර් හා පාම් ඔයිල් අපනයන කරුවෙකුද වේ. චීනය යනු ඔවුන්ගේ ප්‍රධාන ආනයන අපනයන හවුල් කරුවාය. Kwala Lampur අගනුවර හැරුණු විට ඔවුන්ගේ ප්‍රධාන නගර වන්නේ George Town of Penang, Ipoh, Johr Bharu යන නගරයි. 

අධ්‍යාපනය අතින්ද මැලේසියාව කලාපයේ අනෙක් රටවලට සාපේක්ෂව ප්‍රමුඛ වේ. එය අග්නි දිග ආසියාවේ අධ්‍යාපනික කේන්දස්ථානයක් ලෙසද හැදින්විය හැකිය. ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාල රැසකම ශාඛා මැලේසියාවේ පිහිටා ඇති අතර රටවල් 180ක සිසුන් මැලේසියාවට පැමිණෙනේ එහි අධ්‍යාපනයට ඇති මේ සුවිශේෂී තැන නිසාවෙනි. Student Visa හරහා මැලේසියාවට යන ශ්‍රී ලාංකික ඔබටද මැලේසියාවට ගොස්  හැදෑරිය හැකි පාඨමාලා රැසක්ම ඇත. එසේම ලාංකික අපට විදේශ අධ්‍යාපනයට පහසුවෙන් හා අඩුම මුදලකින් යා හැකි රටක් ලෙසද මැලේසියාව දැක්විය හැකිවේ. 

ඔබත් කෙදිනක හෝ අධ්‍යාපනය සදහා සිසුවෙක් ලෙස මැලේසියාවට යාමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා සහය හා මගපෙන්වීම ලබාගත හැකි ප්‍රමුඛතම ආයතනයක් ලෙස Agape Education අප ආයතනය තෝරාගත හැකිය. අප 2023 වනවිටත් සිසුන් විශාල පිරිසකට මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙන්වා ඇති අතර එම සිසුන් අප වෙත දැක්වූ ප්‍රතිචාර ඔබටද අපගේ Agape Education Facebook Page වෙත පිවිසීමෙන් බලාගත හැකිය. 

අප හා සම්බන්ධ වීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඒ සදහා පහත විස්තර යොදාගන්න;

තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)



මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්