Student Visa එන ඔයා මැලේසියාවේ Accomodation හොයා ගන්නේ මෙහෙමයි...

ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Students Visa වලින් මැලේසියාවට එන ඔයා කොහොමද මේ රටේ ගැලපෙන Accomodation එකක් හොයා ගන්නේ කියලා, 

එහෙනම් වැඩි කතාබහ නොකර අපි අපේ මාතෘකාවට යොමුවෙමු...

මැලේසියාවට උසස් අධ්‍යාපනයට යන ඔයා තනි පුද්ගලයෙක් හෝ ශිෂ්‍යයෙක් නම් ඔයාට කෙලින්ම ඔයාගේ විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන Hostel පහසුකම ඉල්ලා සිටින්න පුලුවන්. මේ පහසුකම සෑම මැලේසියානු විශ්ව විද්‍යාලයක්ම පාහේ අන්තර්ජාතික සිසුන්ට ලබා දීම සිදු කරනවා. මෙම hostel වල මාසික වියදම් පිටත නවාතැන් වලට වඩා බොහෝ විට මිල අඩු වෙනවා සේම එය අතිශය ලාබාදායී Option එකක්ද වෙනවා. සාමාන්‍යයෙන් ඔබ විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක තනි කාමරයක් අයදුම් කලහොත්  ඒ සදහා දල වශයෙන්  මසකට මැලේසියානු රිගිට් 400 - 1500 මුදලකුත්, කාමරය තව අය සමග බෙදා ගන්නා අවස්ථාවලදී රිගිට් 200 - 800 අතර මුදලකුත් වැය වෙනවා. මෙම අගයන් ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලය හා එහි පහසුකම් හා එය පිහිටි ප්‍රදේශය අනුව වෙනස් වන බවද ඔබ අනිවාර්යෙන්ම සිහියේ තබා ගත යුතුමය. 

ඔබ Couple එකක් නම් ඔබට බොහෝ විට මැලේසියානු විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර වලට අයදුම් කිරීමේ අවස්ථාව අහිමි වී යනවා. ඊට හේතුව නම් මැලේසියානු විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර බොහොමයක් සකසා ඇත්තේ Gender Wise වීම නිසාය. ඔබ ඇතුලත නේවාසිකාගාරවල සිටීමට අකැමැති අවස්ථාවලදී හෝ Couple එකක් ලෙස මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමු වන අවස්ථාවලදී ඔබට අනිවාර්යෙන්ම ඔබේ කැම්පස් එකෙන් පිටත Accomodation සොයා ගැනීම කල යුතු වෙනවා.

විශ්ව විද්‍යාලයෙන් පිටත Accomodation සොයන ඔබ සැලකිලිමත් විය යුතු වැදගත්ම කාරණය නම් ඔබේ ව්ශ්ව විද්‍යාලයට ඉතාම ආසන්න තැනක් සොයා ගැනීම හෝ විශ්ව විද්‍යාලයට පහසුවෙන් පිවිසිය හැකි ප්‍රවාහන පහසුකම් සහිත තැනක් සොයා ගැනීමයි. 

මෙහිදී ඔබට walking distance එකකින්  යුතු තැනක් සොයාගත හැකිනම් එය ඔබට අතිශය පහසුවක් වෙනවා. එසේ නොමැති වූ විට ඔබ LRT Station එකකට ලග තැනක් සොයා ගැනීමට උත්සහ කල යුතුය. එවැන් අවස්ථාවකදී ඔබට Light Train එකෙන් පහසුවෙන් ඔබේ Campus එකට පිවිසිය හැකිය. ඔබට LRT Station එකකට ලග තැනක් සොයා ගත නොහැකි නම් MRT හෝ Bus Station එකකට ලග තැනක Accomodation එකක් සොයා ගැනීමට ඔබ උත්සහ කල යුතුය. 

ඔබට මැලේසියාවේදී direct එසේ නැතිනම් කෙලින්ම Accomodation එකක් book කර ගැනීම කරන්න කිසිසේත්ම කල නොහැක්කක්. එය කල හැක්කේ Agent කෙනක් මාර්ගයෙන් පමණයි. 

නමුත් ඔබ  මෙහිදී බිය නොවිය යුතු කාරණය වන්නේ එසේ Agent කෙනෙක් සොයා ගැනීම හෝ පිටත Apartment එකක් සොයා ගැනිම එතරම් අපහසු කාරණයක් නොවීම නිසාය. 

සාමාන්‍යයෙන් ඔබ campus එකෙන් පිටත Rented Apartment එකක තනි කාමරයක සිටීනම් එහිදී ඔබට රිගිට් 400 - 2800 ක මුදලකුත් ඔබේ මිතුරන් සමග Share කරගෙන සිටීනම් රිගිට් 200 -1000 අතර මුදලකුත් දල වශයෙන් වැය වෙනවා. 

මැලේසියාවේදී අන්තර්ජාතික සිසුන්ට Condominium හෙවත් විශාල තට්ටු නිවාසවල Accomodation Book කල හැකි අතර එම Condominium එකක තනි පුදලයෙක් ලෙස සිටී නම් රිගිට් 600 - 5000 අතර මුදකුත් Share කරගෙන සිටීනම් රිගිට් 400 - 3000 අතර මුදලකුත් දල වශයෙන් දක්වා සිටින්න අපට පුලුවන්.

 ඔබ Couple එකක් ලෙස මැලේසියාවට පැමිණෙන්නේ නම් මෙම Condominium  එකක නවාතැන් ගැනීම ඔබට වඩාත් පහසු වෙනවා ඇත. එසේම මෙම Condominium  වල Rental Apartment වලට වඩා වැඩි පහසුකම්ද සහිත වෙනවා. බොහෝ Condominium පිහිටා ඇත්තේ LRT Station එකකට ලග හෝ පහසුවෙන් ලගාවිය හැකි තැන් වල විමත් පහසුවකි.

මැලේසියාවේ Accomodation සොයන ඔබ සැලකිලිමත් විය යුතු තවත් වැදගත්ම කාරණයක් වන්නේ ලංකාවේ සිට යාමට පෙරම Accomodation Book කිරීමයි. එය අතිශය අනුවන ක්‍රියාවක් වන අතර එසේ කිරීමටද  දැන් ඔයාට හැකියාවක් නැහැ. ඔබ Campus එකට පිටින් Accomodation සොයන්නේ නම් ඔබට කල හැකි හොදම දේ වන්නේ පලමුව Campus එකට ආසන්නයේම පිහිටි Budget Hotel එකක සතියක පමණ නවාතැන් පහසුකම් ලබා ගැනීමයි. ඒ සදහා ඔබට Booking.com, Agoda හෝ Airbnb වැනි වෙබ් අඩවියක් භාවිතා කරන්න පුලුවන්.

 ඔබ මැලේසියාවට පැමිණ එකී මුල් සතියක කාලය ඇතුලත ඔබට ගැලපෙන Accomodation එකක් එකී තැන්වලට ගොස් සොයා බලාම වෙන් කිරීම ඉන් පසු කරන්න ඔබට පුලුවන්. 

මැලේසියාවට පැමිණි මුල්ම දින දෙක තුන තුල ඔබට Campus Registration, Visa Process, Medical Test වැනි දේ කරන්න සිදු වෙනවා. ඉන් පසු අනෙකුත් දිනවලදී ඔයාට විශ්ව විදාලයට ආසන්නව පිහිටි ඔයාගෙ Accomodation එක සොයා ගැනීමට කාලය වෙන් කරගන්න පුලුවන්. මේ වෙනකොට ඔයාට මැලේසියාවේ mobile number එකක්  එහෙමත් තියෙන නිසාම වැඩේ ගොඩක් පහසු වෙනවා.

පෙර අප කී පරිදිම මැලේසියාවේ Accomodation Book කල හැක්කේ Agent කෙනෙක් මාර්ගයෙන් පමණයි. ඔබ Accomodation එකක් Book කිරීමේදී ඔබට නම, දුරකතන අංක ඇතුලු විස්තර ලබාදීම  අනිවාර්යෙන්ම කරන්නත් සිදු වෙනවා. එසේම ඔබ මතක තබා ගත යුතු තවත් දෙයක් නම් ඔබ එකී Accomodation එකක් Book කිරීමේදී පලමුව Deposit එකක් කිරීමට සිදුවීමයි.

එහිදී ඔයාට එක් මාසයක Advance Rental, මාස දෙකක Deposit හා මාස බාගයක utility rental ගෙවීම අනිවාර්ය වෙනවා. උදාහරණයක් ලෙස ඔබේ accomodation එකේ monthly rental එක රිගිට් 400 නම් ඔබට Advnaced rental ලෙස රිගිට් 400 කුත් මාස දෙකක deposit ලෙස රිගිට් 800 කුත් මාස බාගයක utility rental ලෙස රිගිට් 200 ඇතුලුව රිගිට් 1400 මුදලක් පලමුව deposit කිරීම අනිවාර්ය වෙනවා. 

මැලේසියාවේ Accomodation සොයා ගැනීමට පහසුම හා වැඩි දෙනෙක් භාවිතා කරන වෙබ් අඩවිය වන්නේ iproperty වෙබ් අඩවියයි. එමගින් ඔබ මැලේසියාවේ සිටින ප්‍රදේශය අනුව ඔබට එහි පිහිටි Accomodation විවිධ මිල ගණන් හා පහසුකම් යටතේ සොයා ගන්න පුලුවන්. එහිදී ඔබ තෝරාගන්න Accomodation එක අනුව එහි Agent ගේ whatsapp අංකය ලබා ගන්නත් එහි පහසුකම් තිබෙනවා. මීට අමතරව මැලේසියාවේ Accomodation සොයාගත හැකි තවත් වෙබ් අඩවිත් ගණනාවකුත් දැන් තිබෙනවා. 

මැලේසියාවේ Accomodation වලට යන වියදම ඔබේ ජීවන රටාව, ඔබ අපේක්ෂා කරන පහසුකම් හා ඔබ සිටින නගරය අනුව වෙනස් වීම සිදු වෙනවා. ඔබ වැඩි පහසුකම් බලාපොරොත්තු වන්නේ නම් එහිදී ඔබට වැඩි වියදමක් දැරීමටද සිදුවන බව ඔබ සිහියේ තබාගත යුතුමය. තවද ඔබ මතක තබාගත යුතු තවත් කාරණයක් නම් අගනුවර වන Kuala Lampur අවට Accomodation වල වියදම මැලේසියාවේ අනෙක් ප්‍රදේශවලට වඩා වැඩි බවයි. 

ඔබට ඔබේ කාමරය තවත් මිතුරෙකු හා Share කරගැනීමට හැකි නම් හෝ Campus එකේම ලබාදෙන Hostel පහසුකම් ලබාගත හැකිනම් ඔබට Accomodation සදහා යන වියදම බොහෝ සෙයින් අඩු කරගැනීමද පුලුවන් වෙනවා. 

Agape Education අප සමග මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන සිසුන්ට මෙම Accomodation සොයා ගැනීම අපහසු නොවන්නේ ආයතනයක් ලෙස අප මෙහිදී මැදිහත් වී අප සිසුන්ට ගැලපෙන ආකාරයේ Accomodation සොයාදීමට කටයුතු කරන නිසාය. මෙය Agape Education අප හරහා මැලේසියාවට යන ශිෂ්‍ය ඔබට ලැබෙන විශේෂ වරප්‍රසාදයකි..

මේ වීඩියෝව බලන ඔයත් කෙදිනක හෝ මැලෙසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා හොදම ආයතනක් ලෙස අප ආයතනය තෝරාගැනීම ඔබට කරන්න පුලුවන්. Accomodation සොයා දීම හැරුණු විට ඔබේ මැලෙසියාවේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගැනීමට අප A-Z මග පෙන්වීම මෙහීදී ලබා දීමට ආයතනයක් ලෙස බැදී සිටිමු...

ඔබ අප හා සම්බන්ධ වීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා පහත ක්‍රම යොදා ගැනීමට ඔයාට පුලුවන්.....


තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්