සුප්‍රසිද්ධ මැලේසියාවේ Monash University එකට ඇතුල් වෙමු

මේ ලිපිය බලන ඔයා කෙදිනක හෝ ඔයාගෙ උසස් අධ්‍යාපනයට විදේශ ගත වෙන්න අපේක්ෂා වෙන් නම් ඉන්නේ අප නිර්දේශ කරන්නේ මේ වීඩියෝව කිසිම තැනක Skip නොකර බලන ලෙසටයි. ඒකට හේතුව නම් අද අපි ලොව හොදම විශ්ව විද්‍යාලයක් වන Monash University එක සහ එයට ඇතුලත් වෙලා ඔයාගෙ උසස් අධ්‍යාපන හීනය සැබෑ කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනු ලබනවා.

Qs World University Rankings 2023 අනුව අපි අද කතා කරන Monash University එක කියන්නේ ලොව හොදම University 50 අතර තියෙන තිබෙන විශ්ව විද්‍යාලයක්. ලාංකිකයන් අතර වගේම ලෝකයේම ප්‍රසිද්ධ විදෙස් විශ්ව විද්‍යාලයක් තමා මේ Monash University එක. සමහර විට මේ ලිපිය බලන ඔයත් මේ නම මීට කලින් අනිවාර්යෙන්ම අසා තියෙන්න පුලුවන්. ඒ තරම්ම මේ University එක ප්‍රසිද්දියක් උසුලනවා.

මේ Monash University එකේ Main Branch එක පිහිටලා තියෙන්නේ Australia වල. නමුත් මෙහි Branch එකක් මැලේසියාවේ පිහිටලා තියෙන නිසාම ලාංකික සිසුන්ට වගේම ආසියා පැසිපික් කලාපයේ සිසුන්ටත් පහ්සුවෙන් මේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා ඔවුන්ගේ හීන හඹා යන්න පුලුවන්. මේ මැලේසියාවේ පිහිටලා තියෙන Monash University Malaysia ගත්තම ඒක Malaysia Rank වල 4 වන ස්ථානය තමා හිමිකරගන්නේ. කෙසේවූවත් ලාංකික ශිෂ්‍ය ඔබටත් පහසුවෙන් මේ මැලේසියාවේ පිහිටලා තියෙන Monash University එකට ඇතුලත් වෙලා ලෝකයේම පිලිගත් උපාධියක් හෝ පශ්චාත් උපාධියක් සම්පූර්ණ කරන්න දැන් අවස්ථාව උදාවෙලා තියෙනවා. 

දැන් අපි පොඩ්ඩක් විමසලා බලමු Monash University Malaysia වලදී ඔයාට කරන්න පුලුවන් පාඨාමාලාවලට අදාල ක්ෂේත්‍රයන් මොනවද කියලා,


1) Business

මේ යටතේ ඔයාලට Accounting, Finance, Marketing හා Management වලට අදාලව Undergraduate හා Postgraduate පාඨමාලා සම්පූර්ණ කරන්න පුලුවන්. 


2) Engineering 

මේ යටතේ ඔයාලට Civil Engineering, Chemical Engineering, Computer System Engineering Mechanical Engineering වැනි පාඨමාලා හදාරන්න පුලුවන් 


3) Information Technology 

මේ යටතේ ඔයාලට Information Technology, Computer Science, Information Systems, Software Engineering වගේ පාඨමාලා සම්පූර්ණ කරන්න පුලුවන් 


4) Medical & Health Science 

මේ යටතේ Medicine, Pharmacy සහ Nursing පාඨමාලා සම්පූර්ණ කරන්න ඔයාලට දැන් පුලුවන්.


5) Art & Social Science 

මේ යටතේ Arts, Designing, Education, Psychology පාඨමාලා සම්පූර්ණ කරන්න පුලුවන් 


6) Pharmacy: 

මීට Pharmacy සහ Pharmaceutical Science පාඨමාලා අඩංගු වෙනවා. 


7) Science 

Biology, Chemistry, Mathematics, හා Physics පාඨමාලා සම්පූර්ණ කරන්න ඔයාලට පුලුවන්..



දැන් අපි බලමු මෙකී undergraduate හා Postgraduate පාඨමාලා සදහා යන වියදම් දල වශයෙන් කොතෙක්ද කියා, 

සාමාන්‍යයෙන් Monash University Malaysia වල Undergraduate පාඨමාලාවක් සදහා semester එකක් සදහා අසන්න වශයෙන් රිගිට් 23,000 සිට 30,000 අතර ගණනකුත් Postgraduate පාඨමාලා සදහා රිගිට් 27,000 සිට 35,0000 අතර මුදලකුත් වැය වෙනවා. 

නමුත් ඔබ Monash University වල කරන පාඨමාලාව අනුව මෙකී මිල ගණන් වෙනස් වන බව ඔබ තරයේ මතක තබා ගත යුතුය. 

සමස්තයක් වශයෙන් ගත් කල අනෙකුත් වියදම් සමගම ඔබට Monash University Malaysia වල පාඨමාලවක් සදහා ආසන්න වශයෙන් Semester එකකට රිගිට් 25000 - 37000 වැනි මුදලක් වැය වේ..

එසේනම් ඔබත් කෙදිනක හෝ Monash University Malaysia හි ඔයාගේ උසස් අධ්‍යාපනය හීනය සම්පූර්ණ කරන්න කැමතිනම් ඒ සදහා හොදම මග පෙන්වන ආයතනයක් ලෙස Agape Education අප තෝරාගන්න ඔයාලට දැන් පුලුවන්.

අප ආයතනයේ ලංකාවේ වගේම මැලේසියාවේද Branch පිහිටලා තිබෙන නිසාම ඔබ අප හා සම්බන්ධ වන මුල් අවස්ථාවේ සිට Monash University එකට ඇතුලත් වෙලා ඔබ ඔබේ සිහිනය හඹා යාම ආරම්භ කරන තුරු මාර්ගෝපදේශනය හා මග පෙන්වීම ලබා දීමට Agape Esucation අප කටයුතු කරනු ලබනවා.


මෙ සියලුම දේට අදාලව ඔබේ ප්‍රශ්න කතා කරන්න වගේම මැලේසියාවේ උසස් අධ්‍යාපනයට අදාලව අනෙක් සියලුම ගැටලු සාකච්ඡා කිරීම සදහා පහල Description එකන් ගොස් Agape Education අපේ 100% නොමිලේ පවත්වන Consultation එකට සම්බන්ධ වෙන්න දැන් ඔයාලට පුලුවන්.


ඒ වගේම,


තවත් තොරතුරු සදහා අප සම්බන්ධ කරගත හැකි ක්‍රම මෙසේය.

අප හා සම්බන්ධ වීමට ඔබ අපේක්ෂා කරන්නේ නම්, ඒ සදහා පහත විස්තර යොදාගන්න;

තවද ඔබේ ගැටලු හා තවත් තොරතුරු විමසීමට අපේක්ෂා කරන්නෙ නම් ඔබට අපේ පැයක FREE Consultation සදහා ලියා පදිංචි විය හැකිය. ඒ සදහා මෙතනින් යන්න: Book Free Consultation - Agape Education Consultancy (studywithagape.com)


මෙම ලිපිය ඔබට හා ඔබේ මිතුරන්ට වැදගත් වන්නේ යැයි ඔබ අපේක්ෂා කරන්නේ නම් සමාජ ජාලවලට මෙය බෙදාගන්නා ලෙස අප කාරුණිකව ඉල්ලා සිටිමු. 

Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්