මැලේසියාවේ Transportation ක්‍රමවේදයන් පිලිබදව දැන ගනිමු
මේ වීඩියෝව බලන ඔයා කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට බලාපොරොත්තු වන්නේ නම් අපි ගෙනෙන මේ වීඩියෝව ඔයාට ගොඩක් වැදගත් එකක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක තුලින් අප කතා කරන්නෙ මැලේසියාවේ ක්‍රියාත්මක වන Transportation System හෙවත් ප්‍රවාහන ක්‍රමවේදයන් පිලිබදවයි. ඔබ කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට පෙර මේ පිලිබද දැන සිටීම වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. එබැවින් මේ වීඩියෝව අවසානය තෙක් නරඹන්න කියලත් අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. මැලේසියාවේ ප්‍රවාහන පද්ධතිය සලකා බැලුවහොත් කිවහැකි ප්‍රධාන කරුණක් වන්නේ ලංකාව හා අනෙකුත් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව ඉතාම කාර්‍යක්ෂම ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් එම රටේ ඇති බවයි. මෙහි පොදු ප්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් අතර අඩු කාලයකින්, අඩු වේලාවකින් සේම අඩු අපහසුතාවයකින් එහි ජනතාවට තම ප්‍රවාහන අවශ්‍ය්තා සම්පූර්ණ කල හැකිවේ. දැන් අපි සලකා බලමු මැලේසියාවේ දී ඔබට භාවිතා කලහැකි ප්‍රධාන ප්‍රවාහන ක්‍රමවේදයන් මොනවාද කියා, 1) බස්රථ භාවිතය මැලේසියාවේ දී නගර අතර සේම විවිධ කලාප අතරත් ක්‍රියාත්ම...