මැලේසියාවේ Transportation ක්‍රමවේදයන් පිලිබදව දැන ගනිමු

මේ වීඩියෝව බලන ඔයා කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට බලාපොරොත්තු වන්නේ නම් අපි ගෙනෙන මේ වීඩියෝව ඔයාට ගොඩක් වැදගත් එකක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක තුලින් අප කතා කරන්නෙ මැලේසියාවේ ක්‍රියාත්මක වන Transportation System හෙවත් ප්‍රවාහන ක්‍රමවේදයන් පිලිබදවයි. 

ඔබ කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට පෙර මේ පිලිබද දැන සිටීම වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. එබැවින් මේ වීඩියෝව අවසානය තෙක් නරඹන්න කියලත් අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. 

මැලේසියාවේ ප්‍රවාහන පද්ධතිය සලකා බැලුවහොත් කිවහැකි ප්‍රධාන කරුණක් වන්නේ ලංකාව හා අනෙකුත් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව ඉතාම කාර්‍යක්ෂම ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් එම රටේ ඇති බවයි. මෙහි පොදු ප්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් අතර අඩු කාලයකින්, අඩු වේලාවකින් සේම අඩු අපහසුතාවයකින් එහි ජනතාවට තම ප්‍රවාහන අවශ්‍ය්තා සම්පූර්ණ කල හැකිවේ. 

දැන් අපි සලකා බලමු මැලේසියාවේ දී ඔබට භාවිතා කලහැකි ප්‍රධාන ප්‍රවාහන ක්‍රමවේදයන් මොනවාද කියා,


1) බස්රථ භාවිතය 

මැලේසියාවේ දී නගර අතර සේම විවිධ කලාප අතරත් ක්‍රියාත්මක වන බස් රථ සේවයක් ඇත. එය එම රටේ ජනප්‍රියම ප්‍රාවහන ක්‍රමවේදයයි. මැලේසියාවට යන ඔබටද පහසුවෙන් බස් රථ මාර්ගයෙන් ඔබට යාමට අවශ්‍ය තැන් වලට පහසුවෙන් ගමන් කල හැකිවේ. ඒවා ලංකාවේ ඇති බස් වලට සාපේක්ෂව වැඩි පහසුකම් හා සැප පහසුකම් අතින් ඉහල වේ. බොහෝ මැලේසියානු විශ්ව විද්‍යාලවලින් ඒවායේ සිසුන්ගේ ප්‍රවාහන කටයුතු පහසු කිරීම උදෙසාද බස් රථ යොදවා ඇති අතර මැලේසියාවට ශිෂයෙක් ලෙස යන ඔබට පහසුවෙන් එහිදී මෙකී බස්‍ රථ හරහා ඔබේ විශ්ව විද්‍යාලවලට පිවිසිය හැකිවේ. එසේම මැලේසියාවේ ක්‍රියාත්මක වන ගාස්තු රහිත බස් රථ සේවයක්ද ඇත. 



2) Metro හෙවත් දුම්රිය භාවිතය 

මැලේසියාවේ ඇති අනෙක් ජනප්‍රියම ප්‍රවාහන ක්‍රමවේදය නම් metro හෙවත් දුම්රිය භාවිතයයි. බොහෝ නගර අතර හා තදාසන්න ප්‍රදේශ වල මෙකී දුම්රිය සේවාවන් ක්‍රියාත්මක වේ. මෙය ඉතාම පහසු හා කාර්‍යක්ෂම සේවයකි. මෙමගින් ඉතාම කෙටි කාලයකින් ඔබට ඔබේ ගමනාන්ත වෙත ලගාවිය හැකි අතර ඒ සදහා වැයවන්නෙද අඩු ගාස්තුවකි.

KTM Komuter, Rapid KL, LRT, MRT ලෙස මෙහි වර්ග කීපයක දුම්රිය සේවාවන් කීපයක් ක්‍රියාත්මක වන අතර මේ කවර එකක් ඔබ භාවිතා කලද ඉතාම කාර්‍යක්ෂමව ඔබට ඔබේ ප්‍රාවහන අවශ්‍යතා සම්පූර්ණ කරගත හැකිවේ. 

අගනුවර වන ක්වාලාලම්පූර් නගරය තුල ක්‍රියාත්මක වන KL Monrail නම් නගරය තුල ගමන් කරන්නා වූ දුම්‍රියක් පවතින අතර එමගින් ඔබට අග නගරයේ වැදගත් ස්ථානවලට ඉතාම පහසුවෙන් ගමන් කල හැකිවේ.



3) Private Ride හෙවත් කුලීරථ භාවිතය 

ඔබට මැලේසියාවේ යම් තැනක සිටතවත් තැනකට ගමන් කිරීමට ඉක්මන් ක්‍රමවේදයක් අවශ්‍ය නම් මෙකී කුලීරථයක් පහසුවෙන් hire කරගත හැකිවේ. ඒ සදහා ඔබට Grab හෝ My Car වැනි App එකක් මැලේසියාවේ දී භාවිතා කල හැකිය. නමුත් මෙම Private Ride වල ඇති අවාසිය නම් ඒවා අනෙක් ක්‍රමවලට සාපේක්ෂව මිලෙන් තරමක් ඉහල වීමයි. 

දැන් අපි සලකා බලමු මෙකී ප්‍රාවහන ක්‍රමවේදයන් සදහා යන වියදම් දල වශයෙන් කොතෙක්ද කියා,

ඔබ LRT හෝ KL Monorail භාවිතා කරන්නේ නම් දලවශයෙන් එක් ගමන් වාරයක් සදහා 0.35USD පමන මුදලක් වැයවේ. එසේම දලවශයෙන් එක් බස් රථ ගමන් වාරයක් සදහා 0.45usd වැයවේ. 

ඔබ Kuala Lampur Airport සිට නගර මධ්‍යට taxi එකක ගමන් කලහොත් ඒ සදහා දලවශයෙන් usd 11 ක මුදලක් වැයවේ. එසේම ඔබ ඒ සදහා Grab වැනි app එකක් හරහා transport එකක් ලබාගතහොත් ඒ සදහා දල වශයෙන් usd 7ක් වැනි මුදලක් වැය වීමත් සිදුවේ. 


සමස්තයක් ලෙස මැලේසියාවේ ප්‍රවාහනය සලකා බැලුවහොත් එය අපට අනුවාර්‍යයෙන් ම කලාපයේ අනෙක් රටවලට සාපේක්ශව කාර්‍යක්ෂම හා අඩු වියදම් සේවයක් ලෙස කිව හැකිය. තවද ඔබ මැලෙසියාවට ශිෂ්‍යයෙක් ලෙස සංක්‍රමණය වන්නේ නම් එහිදී දුම්රිය හා බස් රථ භාවිතය තුලින් යන ගමන් වියදම් බොහෝ සෙයින් අඩු කරගත හැකිවේ. තවද free bus භාවිතය හා විශ්ව විද්‍යාලවලින් ලබාදෙන traveling card භාවිතය තුලින් මෙකී වියදම් තවත් අඩු කරගත් හැකිය. 

එසේනම් මේ වටිනා වීඩියෝව අවසානය තෙක් නැරබූ ඔබ සැමට ස්තුති වන්ත වන අතර ඔබත් කෙදිනක් හෝ මැලේසියාවේ උසස් අධ්‍යාප්නයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා ඔබට Agape Education අප ආයතනය තෝරාගත හැකිවේ. 

පහල description එකේ ඇති link එක හරහා ගොස් ඔබට අපේ 100% නොමිලේ පවත්වන මාර්ගෝපදේශනයක් සදහා නොමිලේ ලියාපදිංචි විය හැකි අතර : https://www.studywithagape.com/book-free-consultation/


තවද විමසීම් සදහා පහත ක්‍රම හරහා අප ආයතනය සම්බන්ධ කරගැනිමටද හැකිවේ. 


Comments

Popular posts from this blog

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මැලේසියාවේ ඉගෙන ගන්න කොච්චර වියදමක් යනවද?

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්