Posts

මැලේසියාවට ඉගෙන ගන්න යන්න ඔබ Agape Education අපවම තෝරාගත යුත්තේ ඇයි?

පෙර ලිපිවල අප සදහන් කල පරිදි මැලේසියාව යනු ලාංකික ඔබට පහසුවෙන් විදේශ ගත වී ඉතාම ඉහල ප්‍රමිතියෙන් යුතු අධ්‍යාපනයක් ලැබිය හැකි රටකි. මෙලෙස ඔබත් කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන අයෙකු නම් ඒ සදහා වැඩි විස්තර හා මගපෙන්වීම ලබාගත හැකි ප්‍රමුක ආයතනයක් ලෙස අප Agape Education ආයතනය කැපී පෙනෙන බව අප වගකීමෙන් සදහන් කරමු. මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙනවන ආයතන, Agency හා පුද්ගලයන් කීප දෙනෙකුම ඔබට සමාජ මාධ්‍ය හා වෙනත් ක්‍රම වලින් සම්බන්ධ කරගත හැකි අතර,  අද අප මෙම වීඩියෝවෙන් ඔබ දැනුවත් කරනුයේ එකී අනෙක් ආයතන හා පුදගලයන්ට සාපේක්ෂව අප ආයතනය සුවිශේෂී වන්නේ ඇයිද පිලිබදවයි. තවද අප අවධාරණය කරනු ලබන්නේ Agape Education යනු තවද Agency එකක් නොවන බවය. අප ආයතනය Education Consultancy එසේ නැතහොත් Student Placement Center එකක් ලෙස Student Visa ක්‍රියාවලිය සදහා මාර්ගෝපදේශනය සැලසීම සිදුකරනු ලබයි.  අපට ලද තොරතුරු අනුව ලාංකික සිසුන් කීප දෙනෙකුම වැරදි ආයතන හා පුදගලයින් නිසා මුදල් අහිමිකරගෙන ඇත.  අප ආයතනය එකී ගණයට අයත් නොවන එකක් නොවන බව අප 1000% මෙහිදී තහවුරු කරන අතර ඒ බව මේ ව...

මැලේසියාවේ විශාලතම අධ්‍යාපනික නගර 5ක් මෙන්න

අද අපි මේ ලිපිය තුලින් කතා කරන්නේ සුන්දර මැලේසියාවේ තියෙන විශාලතම හා අධ්‍යාපනිකව වැදගත්වෙන නගර 5ක් පිලිබදවයි. ඔබ කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට හෝ මැලේසියාවේ දී උසස් අධ්‍යාපනයට ලැබීමට අපේක්ෂා කරන්නේ නම් මෙම කරුණු ඔබට කෙදිනක හෝ වැදගත් වනු ඇතැයි Agape Education අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ලිපිය අවසානය තෙක් නරඹන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා.... මැලේසියාව කියන්නේ අග්නිදිග ආසියාවේ තිබෙන ඉතාම වැදගත් රටක්. ඒ වගේම වේගයෙන් දියුණු වෙන මැලේසියාව රැකියාවලට වගේම උසස් අධ්‍යාපනයටත් ඉතාම ගැලපෙන රටක් විදියට අපිට නම් කරන්න පුලුවන්.......එසේනම් වැඩි කතා නැතිව වීඩියෝ එකට යොමු වෙමු. 5) George Town  Pinang කියන estate එකේ පිහිටලා තියෙන මේ නගරය තුල ලක්ෂ එක හමාරක විතර පිරිසක් ජීවත් වෙනවා. ඓතිහාසික ව වැදගත් වෙන මේ නගරය අගනුවර ඉදලා කිලෝමීටර් 350 උතුරින් තමා පිහිටලා තියෙන්නේ.  George town වල පිහිටලා තියෙන විශ්ව විද්‍යාල අතර, University Sains Malaysia, Wawasan Open University, Han chiyang university college of communication කැපී පෙනෙනවා. 4) Johor Bahru  මෙම නගරය හදුන්වන කෙටි නාමය වන්නේ JB ය...

මැලේසියාවේදී ඔබට හැදෑරිය හැකි පාඨමාලා රැසක් මෙන්න (50% Scholarship)

 පෙර අප සදහන් කල පරිදි මැලේසියාව යනු උසස් අධ්‍යාපනයට විදේශ ගතවන ලාංකික සිසුන්ට ඉතාම කදිම නවාතැනකි.  ඔබත් කෙදිනක හෝ උසස් අධ්‍යපනයට විදේශ ගතවීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා ඔබටද මැලේසියාව තෝරා ගත හැකිය. ලොව අනෙක් ප්‍රසිද්ධ රටවලට සාපේක්ෂව මැලේසියාව අප නිර්දේශ කරනු ලබන්නේ එහි වියදම අඩු වීම හා ක්‍රියාවලියේ ඇති අඩු සංකීර්ණත්වය නිසාය. ඔබට Foundations, Degree, Diploma හා Masters යන මේ ඕනෑම අධ්‍යාපන මට්ටමක් සම්පූර්ණ කිරීම සදහා මැලේසියාවට සංක්‍රමණය විය හැකිය. මෙලෙස යන ඔබට හැදෑරිය හැකි පාඨමාලා විශාල සංඛ්‍යාවකි.   මෙම පාඨමාලා සියල්ලම පාහේ නවීන ලෝකයට  හා රැකියාවලට ගැලපෙන පරිදි සකසා ඇත. එසේම මැලේසියාවේ ඔබ හදාරන පාඨමාලා සදහා ලොව ඕනෑම රටකදී ඉහල පිලිගැනීමක්ද හිමිවේ.. එසේනම් ඉහත අප සදහන් කල පරිදි හැදෑරිය හැකි පාඨමාලා මෙසේය.  1) Computer Science & Information Technology  • Software Engineering • Information Technology  • Computer Science  • Artificial Inteligence • Cyber Security  2) Accounting & Finance • Accounting & Finance • Finance Engineeri...

ශිෂ්‍යයෙකු ලෙස මැලේසියාවේදී ඔබට හිමිවන වාසි හා පහසුකම්

මැලේසියාව යනු අග්නිදිග ආසියාවේ අධ්‍යාපනය අතින් ඉතාම ඉහළ තැනක තිබෙන රටකි. ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලවල ශාඛා මැලේසියාවේ පිහිටා තිබෙන නිසාම රටවල් 180ක සිසුන් එහි පැමිනෙන්නේ ඉතාම ඉහළ මට්ටමේ උසස් අධ්‍යාපනයක් ලැබීමේ අරමුණ ඇතිවය. ලාංකික ඔබටද උසස් අධ්‍යාපනයට යා හැකි කදිම රටක් ලෙස අපට මැලේසියාව දැක්විය හැකිය.  මෙම ලිපිය තුළින් අප කතා කරනු ලබන්නේ උසස් අධ්‍යාපනයට මැලේසියාවට යන සිසුන්ට හිමිවන ප්‍රථිලාභ කීපයක් පිළිබදවයි.  1) සංස්කෘතීන් මිශ්‍ර වූ ඉගෙනුම් වටපිටාව  සිසුවෙක් ලෙස මැලේසියාවට යන ඔබට රටවල් රැසකම සිසුන් සමග ඉගෙනීමේ අවස්ථාව සේම ඔවුන් සමග වැඩ කිරීමේ අවස්ථාවද ලැබේ. විවිධ සංස්කෘතික උත්සව සැමරීමට මෙන්ම ලොව පුරා මිතුරන් රැසක් හදුනාගැනීමටද සිසිවෙකුට අවස්ථාව සැලසේ. එය ඔහුට ලෝකයට තවත් නිරාවරණය වීමට අවස්ථාකි.  අනෙක් රටවලදී ඔබට මෙම අවස්ථාව හිමි නොවන අතර එය මැලේසියාවේ අධ්‍යාපනය ලබන සිසුවෙකුට හිමිවන විශේෂ ප්‍රතිලාභයකි.  2) ප්‍රමිතියෙන් ඉහළ අධ්‍යාපනය  මැලේසියානු රජය අධ්‍යාපනය සදහා වැඩි අවධානයක් ලබාදෙන නිසාම එහි තුළ වර්ගීකරනයේ ඉහළම රැදෙන විශ්ව විද්‍යාල කීපයක්ම ඇත. ඒවයේ ඉගෙනු...

විදෙස් අධ්‍යාපනයට හොදම රටක් වන මැලේසියාව ගැන දැන ගනිමු

මැලේසියාව යනු අග්නිදිග ආසියාවේ පිහිටා ඇති ලාංකිකයින් අතර ඉතාම ජනප්‍රිය රටකි. වර්ග කිලෝමීටර 330,803ක් විශාල මේ සුන්දර රට ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. එනම් අර්ධද්වීප මැලේසියාව හා නැගෙනහිර මැලේසියාව ලෙසයි.  මෙයින් විශාලතම කොටස වන්නේ බෝර්නියෝ දූපතේ පිහිටි නැගෙනහිර මැලේසියාවයි. නමුත් එම කොටස අඩු සංවර්ධනයක් හා අඩු ජනගහනයකින් යුතු කලාපයක් වේ. එහි බහුලව දැකිය හැකි වන්නේ සතුන්ගෙන් පිරි ඝන වැසි වනාන්තරයි. තවද මුහුදු බඩට වන්නට ජනයා ජීවත් වන අතර මේ දූපතේ ස්වදේශීය ජනයාද බහුල වේ. මෙම නැගෙනහිර මැලේසියාව බෘනායි හා ඉන්දුනීසියාව යන රටවලට මායිම් වේ.  ජනගහනය වැඩි අර්ධද්වීප මැලේසියාව වැඩි සංවර්ධනයකින්ද යුතු කලාපයක් වේ. රටේ අගනුවර වන ක්වාලාලූම්පූර් ඇතුලු ආර්ථික කේන්ද්‍රස්ථාන පිහිටා ඇත්තේ මේ කලාපයේය. මෙම අර්ධද්වීප මැලේසියාව උතුරින් තායිලන්තයට මායිම් වන අතර දකුණින් සිංගප්පූරුවට මායිම් වන්නේ පාලමකිනි.  අදවන විට මැලේසියාව යනු ඉතාම වේගයෙන් දියුණුවන ආසියාතික රටකි. එසේම එය ලාංකිකයින්ට ඉතාම පහසුවෙන් Visa ලබාගත හැකි රටක් ලෙසද ප්‍රසිද්ධය. ප්‍රධාන මුදල් ඒකක ය වන්නේ රින්ගිට් වේ. මිලියන 33කට වැඩි ජනගහනය...

උසස් අධ්‍යාපනයට මැලේසියාවට යමුද?

මෙම ලිපිය කියවන ඔබ සමහර විට අපොස සා.පෙල/ අපොස උසස් පෙළ / උපාධි සම්පූර්ණ කළ හෝ පශ්චාත් උපාධි සම්පූර්ණ කළ ඕනෑම අයෙකු වීමට පුලුවන. ඔබ ඔබේ වැඩිදුර අධ්‍යාපනය සදහා විදෙස් ගතවීමට අපේක්ෂා කරන අයෙකු නම් මෙම ලිපිය ඔබට බොහෝ ප්‍රයෝජනවත් වනවා නොඅනුමානය. එබැවින් මෙම ලිපිය අවසානය තෙක් කියවන මෙන් අප ඔබෙන් ඉල්ලා සිටිමු.  බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපනය සදහා නිරන්තරයෙන් උත්සහ කරනුයේ ඕස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඇමරිකාව හෝ යුරෝපයයි. නමුත් මෙකී රටවල උසස් අධ්‍යාපනය සදහා වරම් ලැබෙනුයේ අයදුම් කරනා සීමිත පිරිසකට පමණි. මේ නිසාම එම අවස්ථා නොලැබෙන අය තම සිහින බොද කරගනිති. ඔබත් එවැනි අයෙකු නම් අපට පැවසීමට ඇත්තේ ඔබේ සිහින බොද නොකරගන්නා ලෙසයි. මන්ද අප සතුව ඔබේ සිහින සැබෑ කරන පණිවිඩය ඇති බැවිනි.  ඉහත කී ප්‍රධාන රටවලට අයදුම් කිරීමේදී ඔබට ඉතා ඉහළ අධ්‍යාපන සුදුසුකම් හෝ මුදල් විශාල ප්‍රමාණයක් පෙන්වීම අතිශය අනිවාර්‍ය වේ. මෙම හේතු දෙක නිසාම විදෙස් අධ්‍යාපනයට අයදුම් කරන බොහෝ දෙනා ප්‍රතික්ෂේප වෙති. මෙකී ප්‍රශ්න දෙකටම හොදම විකල්ප රටක් ලෙස ඔබට මැලේසියාව හදුන්වාදීමට අපට හැකිය.  මැලේසියාවේ උසස් අධ්‍ය...