Student Visa එන ඔයා මැලේසියාවේ Accomodation හොයා ගන්නේ මෙහෙමයි...
ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Students Visa වලින් මැලේසියාවට එන ඔයා කොහොමද මේ රටේ ගැලපෙන Accomodation එකක් හොයා ගන්නේ කියලා, එහෙනම් වැඩි කතාබහ නොකර අපි අපේ මාතෘකාවට යොමුවෙමු... මැලේසියාවට උසස් අධ්‍යාපනයට යන ඔයා තනි පුද්ගලයෙක් හෝ ශිෂ්‍යයෙක් නම් ඔයාට කෙලින්ම ඔයාගේ විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන Hostel පහසුකම ඉල්ලා සිටින්න පුලුවන්. මේ පහසුකම සෑම මැලේසියානු විශ්ව විද්‍යාලයක්ම පාහේ අන්තර්ජාතික සිසුන්ට ලබා දීම සිදු කරනවා. මෙම hostel වල මාසික වියදම් පිටත නවාතැන් වලට වඩා බොහෝ විට මිල අඩු වෙනවා සේම එය අතිශය ලාබාදායී Option එකක්ද වෙනවා. සාමාන්‍යයෙන් ඔබ විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක තනි කාමරයක් අයදුම් කලහොත් ඒ සදහා දල වශයෙන් මසකට මැලේසියානු රිගිට් 400 - 1500 මුදලකුත්, කාමරය තව අය සමග බෙදා ගන්නා අවස්ථාවලදී රිගිට් 200 - 800 අතර මුදලකුත් වැය වෙනවා. මෙම අගයන් ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලය හා එහි පහසුකම් හා එය පිහිටි ප්‍රදේශය අනුව වෙනස් වන බවද ඔබ අනිවාර්යෙන්ම සිහියේ තබා ගත යුතුමය. ඔබ Couple එකක් නම් ඔබට බොහෝ විට මැලේසියානු විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර වල...