Posts

මැලේසියාවේ Transportation ක්‍රමවේදයන් පිලිබදව දැන ගනිමු

මේ වීඩියෝව බලන ඔයා කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට බලාපොරොත්තු වන්නේ නම් අපි ගෙනෙන මේ වීඩියෝව ඔයාට ගොඩක් වැදගත් එකක් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් මේ වීඩියෝ එක තුලින් අප කතා කරන්නෙ මැලේසියාවේ ක්‍රියාත්මක වන Transportation System හෙවත් ප්‍රවාහන ක්‍රමවේදයන් පිලිබදවයි.  ඔබ කෙදිනක හෝ මැලේසියාවට සංක්‍රමණය වීමට පෙර මේ පිලිබද දැන සිටීම වැදගත් වනු ඇතැයි අපි විශ්වාස කරනවා. එබැවින් මේ වීඩියෝව අවසානය තෙක් නරඹන්න කියලත් අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.  මැලේසියාවේ ප්‍රවාහන පද්ධතිය සලකා බැලුවහොත් කිවහැකි ප්‍රධාන කරුණක් වන්නේ ලංකාව හා අනෙකුත් දකුණු ආසියාතික රටවලට සාපේක්ෂව ඉතාම කාර්‍යක්ෂම ප්‍රවාහන පද්ධතියක් හා සේවාවක් එම රටේ ඇති බවයි. මෙහි පොදු ප්‍රවාහන සේවය ඉතාම ශක්තිමත් අතර අඩු කාලයකින්, අඩු වේලාවකින් සේම අඩු අපහසුතාවයකින් එහි ජනතාවට තම ප්‍රවාහන අවශ්‍ය්තා සම්පූර්ණ කල හැකිවේ.  දැන් අපි සලකා බලමු මැලේසියාවේ දී ඔබට භාවිතා කලහැකි ප්‍රධාන ප්‍රවාහන ක්‍රමවේදයන් මොනවාද කියා, 1) බස්රථ භාවිතය  මැලේසියාවේ දී නගර අතර සේම විවිධ කලාප අතරත් ක්‍රියාත්ම...

මැලේසියාවේ හදාරන්න පුලුවන් හොදම Master (MSC) Programs සෙට් එක මෙන්න

මේ ලිපිය බලන ඔයා ගොඩක් විට ලංකාවේ පෞද්ගලික හෝ රාජ්‍ය විශ්ව විද්‍යාලයක තමන්ගේ උපාධිය සම්පූර්ණ කළ අයෙක් වෙන්න පුලුවන්. එසේ ලංකාවේ උපාධිය සම්පූර්ණ කළ ඔයාට දැන් පහසුවෙන්ම මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙලා ඔයාගෙ Master එක එහෙමත් නැතිනම් MSC හෝ MBA එක පහසුවෙන්ම සම්පූර්ණ කරන්න දැන් අවස්ථා උදා වෙලා තියෙනවා.  පෙර ලිපි වල අප සදහන් කළ පරිදි මැලේසියාව යනු ලාංකික අපට පහසුවෙන් විදේශ ගත වෙලා ඉතාමත් උසස් මට්ටමේ අධ්‍යාපනයක් ලබන්න පුලුවන් රටක්. පහසු Visa Process එක වගේම සාපේක්ෂව අවම වියදම නිසා ඔබට ඉතා අඩු කාලයකින් තමන්ගේ උසස් අධ්‍යාපනය සිහිනය සැබෑ කරගන්න  මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් දැන් පුලුවන්. Agape Education අප යනු මැලේසියාවේ උසස් අධ්‍යාපනයට මග පෙන්වන ප්‍රමුක ආයතනයක් වන අතර ඔබගේ Master Program සදහා 50% Scholarship අවස්ථා ලබාදෙන්නත් අප සැමවිටම උත්සහ ගන්නා බව සතුටින් දැනුම් දෙමු. මෙකී Scholarship අවස්ථා ලබාගන්නා ආකරය දැන ගැනීමට අපගේ මේ ලිපිය අවසානය තෙක් කියවන ලෙසටත් අප ඔබගෙන් ඉල්ලා සිටිනවා.   Agape Education අප සුප්‍රසිද්ධ මැලේසියානු විශ්ව විද්‍යාල වන Monash Universit...

කළමනාකරණ ක්ෂේත්‍රයෙන් ඉහලටම යන්න මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙමු.

 වර්තමානය වන විට අප ජීවත්වනුයේ වානිජකරණීය වූ ලෝකයක් තුළය. දියුණුවන ලෝකය තුළ නව්‍යකරණය වූ ව්‍යාපාර දිනෙන් දින බිහිවෙමින් පවතින අතර පවත්නා ව්‍යාපාර තරගකාරීව තම ව්‍යාපාර ඉදිරියට මෙහෙයවමින් පවති. මේ නිසාම වෙනදාට වඩා කළමනාකරණ ක්ශේත්‍රය තුළ රැකියා සදහා වැඩි වටිනාකමක් හා ඉල්ලුමක් එක්වෙමින් ඇත.  ඔබත් මෙලෙස කළමනාකරණය ක්ශේත්‍රයට ඇතුලත් වීම හා එම ක්ෂේත්‍රයේ ඉහලටම යාමට අපේක්ෂා කරන්නේ නම් එය ඔබ ගන්නා ඉතා නුවණති තීරණයක් බව අපට නොබියව පැවසිය හැකිය. මෙලෙස ඔබත් කෙදිනක හෝ විදෙස් ගතවී ඔබේ කළමනාකරණ උපාධිය හෝ පශ්චාත් උපාධිය සම්පූර්ණ කිරීමට කැමති අයෙක් නම් ඒ සදහා කදිම රටක් ලෙස අපට මැලේසියාව හැදින්වා දිය  හැකිය.  Agape Education අප සමග දැන් ඔබට Monash, Swinburne, Taylors ඇතුලු ලොව ප්‍රමුඛ මැලේසියානු විශ්ව විද්‍යාල රැසකටම ඇතුලත් වී Business, Marketing, Finance, Accountancy ඇතුලු කළමනාකරණ ක්ෂේත්‍රයේ පාඨමාලා රැසකට ඇතුලත් විය හැකිය. එසේ ඔබට හැදෑරිය හැකි උපාධි පාඨමාලා කීපයක් මෙලෙස දැක්විය හැකිය. 1) Bachelor of Business and Commerce 2) Bachelor of Digital Media and Communication  3) Bachelo...

පරිගණක ක්ෂේත්‍රයෙන් ඉහලටම යන්න මැලේසියානු විශ්ව විද්‍යාලයකට ඇතුලත් වෙමු.

වර්තමානය වන විට ලෝකය පුරා පරිගණක හා තොරතුරු තාක්ෂණයට හිමිවී තිබෙන්නේ අතිශය සුවිශේෂී තැනක්...ඊට හේතුව නම් ලෝකය තාක්ෂණික අතින් වේගයෙන් දියුණු වීම හා මිනිසා වේගයෙන් එම තාක්ෂණය වෙත යොමුවෙමින් පැවතීමයි. මෙකී තාක්ෂණික දියුණුව නිසාම පරිගණක හා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉල්ලුමද ඉතා සීග්‍රයෙන් වැඩිවෙමින් පවතී. මේ නිසාම එම ක්ෂේත්‍රයේ රැකියා විශාල ප්‍රමාණයක් දැනටමත් බිහිවී තිබෙනවා සේම අනාගතයේදීත් විශාල රැකියා ප්‍රමාණයක් බිහිවීමට නියමිතය. මේ හේතුවෙන් වර්තමානය වනවිට තොරතුරු තාක්ෂණික ක්ශේත්‍රයට සිසුන්ගේ වැඩි කැමැත්තක් හා ඉල්ලුමක් ඇතිවී ඇති බව නොරහසක්... මේ වීඩියෝව බලන ඔබටද පරිගණක හා තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට දැන් පහසුවෙන් ඇතුලත් වී එහිදී ඔබට ගැලපෙන පාඨමාලාවක් හදාරා ඉහල වැටුපක් ලබන වෘත්තියකට ඇතුලත් වීම කල හැකිය. මෙලෙස පරිගණක හා තොරතුරු තාක්ෂණික අංශයෙන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ඔබ ඔබේ උපාධිය හෝ පශ්චාත් උපාධිය විදෙස් රටකදී සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සදහා කදිම රටක් ලෙස අපට මැලේසියාව ගෙනහැර දැක්විය හැකිය.  මෙහිදී ඔබට අවම වියදමකින් යුතුව ලොව පිලිගත් උපාධියක් හා පශ්චාත් උපාධියක් මැලේසියාවේ...

සුප්‍රසිද්ධ මැලේසියාවේ Monash University එකට ඇතුල් වෙමු

මේ ලිපිය බලන ඔයා කෙදිනක හෝ ඔයාගෙ උසස් අධ්‍යාපනයට විදේශ ගත වෙන්න අපේක්ෂා වෙන් නම් ඉන්නේ අප නිර්දේශ කරන්නේ මේ වීඩියෝව කිසිම තැනක Skip නොකර බලන ලෙසටයි. ඒකට හේතුව නම් අද අපි ලොව හොදම විශ්ව විද්‍යාලයක් වන Monash University එක සහ එයට ඇතුලත් වෙලා ඔයාගෙ උසස් අධ්‍යාපන හීනය සැබෑ කරන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනු ලබනවා. Qs World University Rankings 2023 අනුව අපි අද කතා කරන Monash University එක කියන්නේ ලොව හොදම University 50 අතර තියෙන තිබෙන විශ්ව විද්‍යාලයක්. ලාංකිකයන් අතර වගේම ලෝකයේම ප්‍රසිද්ධ විදෙස් විශ්ව විද්‍යාලයක් තමා මේ Monash University එක. සමහර විට මේ ලිපිය බලන ඔයත් මේ නම මීට කලින් අනිවාර්යෙන්ම අසා තියෙන්න පුලුවන්. ඒ තරම්ම මේ University එක ප්‍රසිද්දියක් උසුලනවා. මේ Monash University එකේ Main Branch එක පිහිටලා තියෙන්නේ Australia වල. නමුත් මෙහි Branch එකක් මැලේසියාවේ පිහිටලා තියෙන නිසාම ලාංකික සිසුන්ට වගේම ආසියා පැසිපික් කලාපයේ සිසුන්ටත් පහ්සුවෙන් මේ විශ්ව විද්‍යාලයට ඇතුලත් වෙලා ඔවුන්ගේ හීන හඹා යන්න පුලුවන්. මේ මැලේසියාවේ පිහිටලා තියෙන Monash University Malaysia ගත්තම ඒක Malay...

මැලේසියාවේ Student Visa වලින් කරන්න පුලුවන් Part Time Jobs මොනවාද??

මේ ලිපිය  එක තුලින් අප කතා කරනුයේ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන ඔයාලා නිතරම අපෙන් අසන තවත් පැනයක් පිලිබදවයි. එනම් Students Visa වලින් ගොස් මැලේසියාවේ කරන්න පුලුවන් Part Time Jobs මොනවාද ‍යන්න පිලිබදවයි. අප විශ්වාස කරන ආකාරයට ඔයා කෙදිනක හෝ මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යොමුවීමට අපේක්ෂා කරන්නේ නම් මේ වීඩියෝව ඔයාට අතිශය වැදගත් එකක් වෙනවා නොඅනුමානයි. ඒ නිසා මේ ලිපිය කිසිම තැනක Skip නොකර බලන ලෙස අපි ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ විඩියෝවේ අවසානයේදී මේ part time jobs පිලිබදව අතිශය වැදගත් කරුනු කීපයක්ම අප ගෙන එනු ලබනවා. ඒ නිසා අපි ඔයාගෙන් නැවත් වරක් මේ ලිපිය අවසානය තෙක්ම බලන ලෙස ඉල්ලා සිටිනවා.  මැලේසියාවේ උසස් අධ්‍යාපනයට යන ඔයාගෙ පලවෙනි පොදුම ප්‍රශ්නය තමයි මැලේසියාවේ ගිහින් අපට part time jobs කරන්න පුලුවන් ද යන එක. එයට දිය හැකි කෙටිම උත්තරය නම් ඔව් ඔබට කල හැකිය යන්නයි.  මැලේසියානු රජය එහි උසස් අධ්‍යාපනයට පැමිණෙන අන්තර්ජාතික සිසුන් සදහා Part time Jobs සදහා අවසර ලබදී තිබෙනවා. එහිදී ඔබේ විශ්ව විද්‍යාලයේ Semester Breaks අතරතුර ඔබට සතියකට පැය 20 කාලයක් part time job...

Student Visa එන ඔයා මැලේසියාවේ Accomodation හොයා ගන්නේ මෙහෙමයි...

ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Students Visa වලින් මැලේසියාවට එන ඔයා කොහොමද මේ රටේ ගැලපෙන Accomodation එකක් හොයා ගන්නේ කියලා,  එහෙනම් වැඩි කතාබහ නොකර අපි අපේ මාතෘකාවට යොමුවෙමු... මැලේසියාවට උසස් අධ්‍යාපනයට යන ඔයා තනි පුද්ගලයෙක් හෝ ශිෂ්‍යයෙක් නම් ඔයාට කෙලින්ම ඔයාගේ විශ්ව විද්‍යාලය මගින් ලබාදෙන Hostel පහසුකම ඉල්ලා සිටින්න පුලුවන්. මේ පහසුකම සෑම මැලේසියානු විශ්ව විද්‍යාලයක්ම පාහේ අන්තර්ජාතික සිසුන්ට ලබා දීම සිදු කරනවා. මෙම hostel වල මාසික වියදම් පිටත නවාතැන් වලට වඩා බොහෝ විට මිල අඩු වෙනවා සේම එය අතිශය ලාබාදායී Option එකක්ද වෙනවා. සාමාන්‍යයෙන් ඔබ විශ්ව විද්‍යාල නේවාසිකාගාරයක තනි කාමරයක් අයදුම් කලහොත්  ඒ සදහා දල වශයෙන්  මසකට මැලේසියානු රිගිට් 400 - 1500 මුදලකුත්, කාමරය තව අය සමග බෙදා ගන්නා අවස්ථාවලදී රිගිට් 200 - 800 අතර මුදලකුත් වැය වෙනවා. මෙම අගයන් ඔබ අයදුම් කරන විශ්ව විද්‍යාලය හා එහි පහසුකම් හා එය පිහිටි ප්‍රදේශය අනුව වෙනස් වන බවද ඔබ අනිවාර්යෙන්ම සිහියේ තබා ගත යුතුමය.  ඔබ Couple එකක් නම් ඔබට බොහෝ විට මැලේසියානු විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර වල...